අඳුරේ දුටු සඳ

587 117 32
                                    

සඳරු මා දෙස බැලුවේ දැං කුමක් කරමුදැයි සිතාගත නොහැකිව මෙනි.

"මේ... මේ ගෙදර අය ලඟදි ඇවිත් ගියෙ එහෙම නෑ කියලා ශුවර්ද?" විහඟ එම පොඩි එකාගෙන් ඇසුවේය.

"මේ ඒරියා එක මගේ නෙමේ! මම මේ පැත්ත අයිති අපේ සරා අයියට. හැබැයි අර පේන එහා ගෙදර ලීලක්කා ගෙන් ඇහුවොත් නම් දැනගන්න පුලුවන් වේවි!" ඔහු කලනගේ නිවසට එහා පැත්තේ නිවස පෙන්වමින් කීවේය.

"හරි එහෙනම්. මේං පන්සීයක්ම තියාගන්නකෝ" සඳරු ඔහුගේ අතට පන්සීයේ කොළයක් පත් කරමින් කීවේය. පොඩි එකා හතර මහ නිධානය පහලවූවක් මෙන් පන්සීයේ කොලය දෙස බැලීය.

"එන්නකෝ යන්න. ලීලක්කා මගේ එල බොක්ක. මම මහත්තයලාව අදුන්නලා දීල ම යන්නම්" හදිසියේ පහලවූ මහා කරුණාවන්ත කමකින් බේරෙමින් පොඩි එකා කීවේ ලීලක්කාගේ ගෙදර ලෙසින් ඔහු විසින් හඳුන්වනු ලැබූ ඒ නිවස දෙසට අපව කැඳවාගෙන යමිනි.

"ලීලක්කේ.... ලීලක්කෝ! මේ දොර ඇරියනම්!" ඔහු දොරට තඩි බාමින් කෑ ගාන්නට විය. මෙය නිවසකට යාමට සුදුසු සාමාන්‍යය සිරිත නොවන නිසා විහඟ මා දෙස පුදුමයෙන් බලා සිටින්නට විය.

"කෑනොගහා හිටපං! මේ එනවා! ඔය දොර කඩන්නද හදන්නේ!" නිවස තුලින් ඇසුනේ කාන්තාවකගේ කටහඬකි. ඉන් පසුව නිවසේ දොර විවෘත වූ අතර මැදි වියේ කාන්තාවක් පෙනී සිටියේය. පිලිවෙලකට පීරන ලද කොණ්ඩය කරලකට ගොතා අලංකාර ගවුමකින් සැරසී සිටි ඇය අප දෙස බැල්මක් හෙලා ඉන් පසුව පොඩි එකා දෙස බලා ඇස් කැරකුවාය.

"මං උබට කොච්චර කියලා තියනවද දොරට තට්ටු කරන්නේ තුං පාරයි කියලා. අනික මහ හයියෙන් කෑ හගන්නෙත් නෑ. තුං පාරක් තට්ටු  කරලා දොර අරිනකං සද්ද නැතුව ඉවසලා හිටපං! දැං, කවුද මේ මහත්තුරු?" ඇය ඇසුවාය.

"හේරත් මහත්තයාගේ යාලුවො ලු. ඕං මං ගියා ඒනම්. මේ මහත්තයලට හොඳට සලකපම්." එසේ කියූ ඔහු ලීලක්කාට සැලියුට් එකක් ගසා එතනින් නික්ම යන්නට විය. ලීලක්කා සමඟ තනිවූ අප කුමක් කියනුදැයි සිතාගත නොහැකිව ලීලක්කාගේ මූන දෙස බකං නිලා සිටින්නට විය.

"අම්මා අප්පා නැති අසරණයා. අපේ දිහායින් තමා දවල්ට කන්නේ. රෑට නිදාගන්නේ පාරේ කොහෙහරි. පවු ඉතිං. මොනා කරන්නද.. මහත්තයලා එන්නකෝ ඇතුලට. කලුවරත් වැටීගෙන එනවා නෙ" ඇය අපට නිවසේ දොර අරිමින් කීවාය. අපි ඇගේ උණුසුම් ආලින්දයේ සුවපහසුවට තැම්පත් වූ පසු මමම කතාව ඇරඹීමි.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාDonde viven las historias. Descúbrelo ahora