මිහිරි රාත්‍රිය

985 156 37
                                    

'සංදීප්, නිදිද? ටිකකට එන්න පුලුවන්ද?'

මගේ ජංගම දුරකතනයේ කලනගේ සංවාද තීරයේ දිස් වූයේ යතෝක්ත කෙටි පණිවිඩය දෙස මම තෙවෙනි වරටත් බැලුවෙමි.

දැන් වෙලාව පාන්දර එකයි. මගේ කාමරය කලනට දී තිබූ නිසා මම නිදාගත්තේ පහල මාලයේ අමුත්තන්ගේ කාමරයේය. කලනට යමක් අවැසි නම් ඔහුට කිරීමට ඇත්තේ ඇඳ ගාව ඇති බොත්තම තද කිරීම පමනි. එවිට පහසුවෙන්ම සීනුව නාද වේ. එනමුත් දැන් ඔහු මට කෙටි පණිවිඩයක් එවා ඇත.

ගිහින්ම බලමුකෝ...

ඇඳ විට්ටමේ එල්ලා තිබූ කමිසය දමාගත් මම සෙමින් ඉහල මාලයට නැගුනෙමි. මගේ කාමරයේ දොර අගුලු දමා නොතිබීම නිසා මම දොර ඇරගෙන ඇතුලු විය. කාමරය අදුරේය. නිහඬය. සමහරවිට එයාට ආපහු නින්ද යන්න ඇති. මම ප්‍රවේසමෙන් කාමරයේ නයිට්ලයිට් ඔන් කලෙමි. ලා තැඹිලි පැහැ සිහින් ආලෝකය ඇඳේ කෙලවරක ගුලි වී රෙදි වලින් හිසේ සිට දෙපතුල තෙක්ම වසා, ඉඳගෙන සිටින කලනගේ කුඩා රුව මට පෙන්වීය. මම සෙමින් ගොස් ඇඳ මත ඉඳගත්තෙමි.

"කලන?"

"ස-සංදීප්... අනේ ඒ ලයිට් එක ඕෆ් කරන්න! ඒක...! හරියට... එදා තිබ්බ..අනේ!. ඒ පාට..! වගේමයි..!! අනේහ්!" ඔහුගේ මුවින් සිහින් කෙඳිරියක් පිටවිය. අහ්! එදා Kate's Plaza හි දමා තිබුනේද මේ ආකාරයේම නයිට් ලයිට් එකකි. වහා නැගිට්ට මම ඉක්මනින් එලිය නිවා දැම්මේ කාමරය යලි අඳුරේ ගිල්වමිනි. ඉන්පසු මම යලිත් ඇඳ මත කලුවරේම ඉඳගත්තෙමි.

"කලන... දැං හරි! කෝ, ඔය ශීට් එක මූනෙන් අයින් කරගන්නකෝ... හුස්ම හිරවේවි!" ඔහු දවටාගෙන සිටි ශීට් එක සෙමින් ඉවත් කලෙමින් මම කීවෙමි. මගේ අණට අවනත වූ ඔහු එය මුහුනෙන් ඉවත් කලේය.

"කලන මොකෝ ඇහැරුනේ?" මම සෙමින් මිමිනුවෙමි.

"මට බයයි... හීනෙන් බය උනා! මම හිටියේ එදා වගේම රතු පාට... පොඩි කාමරේක.. එයත්.. එයත් හිටියා! මම එපා කිවා.. එයා ඇහුවේ නෑ... එයා හැදුවේ මගේ-" ඔහු ඉකිගසන්නට පටන්ගත්තේය. මම ඔහුගේ උරහිස් වටා දෑත් යවා ඔහුව ප්‍රවේසමෙන් වැලඳගත්තෙමි.

"හරි හරි... අමතක කරන්න ඒක ගැන හරිද? ඒක හීනයක්.. හීනයක් විතරයි. දැං මෙතන ඉන්නේ කලනයි, මමයි විතරයි.. හරිනේ?" මම ඔහුගේ හිස අතගාමින් මිමිනුවෙමි. මගේ පපුවේ මුහුන හංගාගත් ඔහු සෙමින් හිස වැනුවෙය.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාTahanan ng mga kuwento. Tumuklas ngayon