සියලු තරු මත කල දිවුරුම!

800 132 25
                                    

"අනේ මට බැරියෝ.... සීතලයි!!" තම සිරුර ඈයෙකු මෙන් අකුලා ගනිමින් විහඟ කීවේය.

"විකාර නැතුව හිටපන්! දැං පොඩි එකා වගේ ආසාවෙන් ගත්තේ කන්ඩ ඕනේ කියලා නේද?" තම අතේ තිබූ ice-cream එක ප්‍රවේසමෙන් විවෘත කරමින් සඳරු කීවේය.

"ආසාවෙන් ගත්තා නම් තමා... ඒත් මෙච්චර සීතල වෙයි කියලා හිතුවේ නෑ නේ!" කට කට ගා ගැහෙන දත් අතරින් විහඟ කුනු කුනු ගායි.

"මෙන්න මෙහෙන් වාඩි වෙනවා කෝ ඇවිල්ලා! ජර්සී එකක් දෙන්නද අහද්දී පඬියා වගේ එපා කීවේ! ආ දැක් මේක ගත්තා නං කාපං! ඔක්කොටම ඉස්සර වෙලා වාඩි වෙලා ඉදිංකෝ!" ග්‍රෙගරි වැව ඉදිරිපිට තණතිල්ලේ වාඩි වූ සඳරු විහඟවත් ඒ අසලට ඇඳගනිමින් කීවේය.

උදෑසන හත පසු වූයේ මින් සුළු මොහොතකට පෙරය. උදේම ග්‍රෙගරි වැව අසල ආපනශාලාවකින් උදේ ආහාරය ලබාගත් අප, විහඟ විසින් ඉතාම තෘප්තිමත්ව මිලදී ගත් නමුත් දැං තමාගේ මොළය සීතලට ගල් වේවි යැයි බියෙන් ප්‍රතික්ෂේප කරන icecream අතුරුපස ද රැගෙන ග්‍රෙගරි වැව ඉදිරිපිට තණ තිල්ලේ වාඩි වූවෙමු. උදේ පාන්දර නිසා ව්‍යායාමයේ යෙදෙන කිහිපදෙනෙකුන් හැරුණු කොටගෙන එහි සිටියේ අප හතර දෙනා පමනි. (හතර දෙනා කීවට හතර හමාරක් ඉන්නව) විශාල රෙදි තොගයකින් උණුසුමට ඔතනු ලැබූ දරුවා ඉතා අවදානයෙන් අවට බලමින් කලනගේ ඔඩොක්කුවේ සිටී. සඳරු ලඟින්ම තදවී පොඩිවී වාඩි වේ විහඟ ඇඹුල් කරගත් මුහුනෙන් යුතුව icecream එකක් ලෑටිගායි. සීතල යනු කුමක්ද යැයි වත් නොදන්නා අයෙකු මෙන් සේද කමිසයක් සහ කොට කලිසමකින් පමනක් සැරසී සිටින සඳරු ඉතාම තෘප්තිමත් භාවයකින් යුතුව icecream කමින් සිටී.

"කලන, බබා මට දීලා මේක කාල ඉන්න" මගේ අතේ තිබූ කලනගේ icecream එක පෙන්වමින් මම කලනට කීවෙමි.

"සංදීප් කාල ඉන්නකෝ... මම ඊට පස්සේ කන්නම්. බය වෙන්න එපා. කොළඹ තරම් ඉක්මනින් මෙහෙ icecream දිය වෙන්නේ නෑ!" කිංකිණි සිනා පාමින් කලන කීවේය.

"මෙන්න මෙහේ දෙන්නකෝ මට බබාව ඔයා පඬියා වෙන්නේ නැතුව!" සිනහවක්ද සමඟ කී මම බිළිඳාව මගේ උකුලට ගත්තෙමි. මා දෙස බලා ආදරණීය සිනහවක් පෑ දරුවා මගේ පපුවට හේත්තු වී යලිත් තම සිරි නැරඹීමේ රාජකාරිය ආරම්භ කලේය. මම මගේ අතේ තිබූ icecream එක කලනට දුන්නෙමි.

"අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවාWhere stories live. Discover now