6 Chapter 💜

1.1K 170 3
                                    

"May I come in sir ? "

"Yes come in "
ඒත් එක්කම ජන්ග්කුක් මෙච්චර වෙලා තද කර ගෙන හිටපු කෙල්ලගේ අත අතෑරියා...

ඇතුලට ආපු කෙනා බලාගෙන හිටියේ කදුලු පුරවගෙන හිටපු හායුන්ගේ දිහා...

"තමුසෙ මෙතනට ආපු වැඩේ කරගෙන යනවද නැත්ද ? "
ජන්ග්කුක් කෑගැහුවේ මේසෙට පයින් පාරක් ගහන ගමන්

ඒක ඇහුන ගමන් අර කෙනා ගැස්සිලා ගියා...

"ආ..සර් මේ..file එක "

හායුන් දන්නවා කෙල්ල පිටින් යවා ගන්න බැරි තරහ නිසායි අර කෙනාට කෑගැහුවේ කියලා...ඒ නිසාම කෙල්ල ඔලුව බිමට හරවගත්තේ කාටවත් තමන් ගේ කදුලු පෙන්වන්න ඕන නැතිනිසායි...

ඒත් අර ඇතුලට ආපු කෙනා හැමවෙලේම හායුන් දිහා බලාගෙන හිටිය එක කෙල්ලට අනහසුවක් වුණා...

ඒ නිසාම කෙල්ල එතනින් යන්න ගියේ තවත් ජන්ග්කුක් ගේ තරහ අවුස්සන්න ඕන නැති නිසායි..

ඒත් කෙල්ල එතනින් එනකොට ම කෙල්ලගේ ඇගේ කවුරුහරි වැදුණා...

"ඔ..ඕ..මියනහේ "
කෙල්ල දෙකට නැමිලාම ඒ කෙනාගෙන් සමාව ඉල්ලුවේ කදුලු හංගන්න ඕන නිසාමයි...

ඒත් කෙල්ල තාම ඒ කෙනාගේ මූණ දැක්කේ නෑ

"යා..හායුන් මොකො මේ ආ.."
කටහඩ හුරු පුරුදු නිසාමයි කෙල්ල ඔලුව උස්සල බැලුවේ...

ජිමිනුයි ටේහියුනුයි😍

"ඔ..ප්පා ඔයාලා "
කෙල්ල ඉක්මනින් ම කදුලු පිහදාගෙන හිනාවක් මවා ගත්තේ කාටවත් කරදරයක් වෙන්න ඕනේ නැති නිසායි

"දේ..වේ අපි මෙහෙ එන්න එපාද ? "
ටේහියුන් ඇහුවේ හරි අමුතු හිනාවක් දාලා

කෙල්ලට ඒක නම් ඇල්ලුවේ නෑ...

"අනී අනී ඔප්පා... මන් මොකටද ඒකට අකමැති වෙන්නේ "

"හේයි හායුන්...මොකො මේ වුණේ ආ.."
ජිමින් කලබලෙන් වගේ පෙන්නුවේ කෙල්ලගේ නලලේ තුවාලේ

"ආහ්...අනී ඔප්පා මේ මන්...ඊයේ බාත්රෑම් එකේ..වැ..වැටුණා."
කෙල්ල වචන ටිකක් පටලවගෙන කිව්වේ ඇස් අගට එන කදුලු හරි අමාරුවෙන් පරිස්සම් කරන ගමන්මයි

Love Revenge  ll JJK ll ✔Wo Geschichten leben. Entdecke jetzt