8 Chapter 💜

1.1K 172 5
                                    

"ජීසු ! "

"හියුන්ග් ! "
කොල්ලයි කෙල්ලයි එකටම කිව්වේ පුදුම වෙලා

"සමාවෙන්ඩ ඕන පොඩි එකෝ..වැරදි වෙලාවක ආවේ "
ජිමින් පල් හිනාවක් දාගෙන කියනකොට ජන්ග්කුක්ට හිතුනේ පොලොව පලාගෙන යන්න

"ඔන්නීඊඊ ! "
එකපාරටම කට්ටිය ගැස්සුනේ ජීසු ගිහින් හායුන්ගේ ඇගට පැන්න පාර කෙල්ලත් එක්කම සෝෆා එකට වැටුණ නිසා

"ආහ්..බහිනවකෝ..තමුසෙ බරයි ඕයි..මාව තැලෙනවා ජීසුයා "
කෙල්ල කෑගහන්න ගත්තම ජීසු හායුන්ගේ කම්මුලට කිස් එකකුත් දුන්නා

"ඊව්! කෙල "
කෙල්ල කම්මුල පෙන්නුවේ කටත් ඇදකරගෙන

"හහ්..මන් දුන්නොත් තමා කෙල කියන්නේ...තව ටිකක් වෙලා ගියා නම් බලාගන්න තිබ්බා කෙල කිය කිය ඇඹරෙන හැටි "
ජීසු කට කොනින් හිනාවක් දාගෙන කියනකොට හායුන් කන්ෆියුස්...

"ඒකනී ජීසු බබා...බලාන්නකෝ ඔයාගේ ඔන්නී..ඔයා ඇගට නැග්ගාම බරයිලු...අපි හිටියෙ නැත්නම් එයා තැලිලා මැරෙන්නේ 😂..."
හොබී ජීසුගේ කරට අතක් දාගෙන කියද්දී කට්ටියම හිනාවෙන්න ගත්තා..ඒත් හායුන්කුක් කපල් එක ඇරෙන්න..

"ම්වෝ හියුන්ග්? මොනාද කියන්නේ ?"
ජිමින් ඇහුවේ නොදන්න ගාණට ඇසුත් ලොකු කරලා

"ඇයි බන් ජිමින්..තොට තේරෙන්නැද්ද ? මුන් දෙන්නගේ කිස් එක දුර ගියානම් නවතින්නේ මේ කෙල්ල තැලිලා තැලිලා උදේට ඇවිදින්න බැරුවනේ ගොන් එල හරකෝ "
හොබී එහෙම කිව්වේ ජීසුගේ ඇස් දෙක වහගෙන...
ඒ කියපු එකට ජන්ග්කුක් බිබී හිටපු වතුර එකත් හිර වුණා

"කොහොමද තැලෙන්නේ අඩේ හියුන්ග් 😕? මන් තාම ලදරුවා "
ජිමින් හිනාව කාගෙන ඇහුවා

"ඇයි යකෝ මේ අලියාට මේ කෙල්ල යට වෙලා කි.........ම්ම්ම් "
හොබීට ඉතුරු ටික කියන්න හම්බුන්නැත්තේ ජීසු කට තද කරගත්ත නිසා

"යා ඔප්පා ඔයා වැහුවේ මගේ ඇස්..කන නෙමෙ😁 "

"ආහ් ..මියානේ බබෝ "

"ආආආ නවත්තපිය ඕක!!!!"
එකපාරටම කට්ටිය උඩගියේ ජින්ගේ කටට....

"හියුන්ග් මොකෝ ?"

"ඒ හායුන් බොන්න මොනවත් දෙන්නැත්ද ආ...?"
මෙච්චර වෙලා වෙන කල්පනාවක හිටපු කෙල්ල උඩගියේ ඒ කටහඩට

Love Revenge  ll JJK ll ✔Tempat cerita menjadi hidup. Temukan sekarang