5 Chapter 💜

1.1K 175 8
                                    

Hayoon pov

උදෙන්ම මම නැගිට්ටේ ඔෆිස් යන්නත් තියන නිසාමයි..ඒත් ජන්ග්කුක් ගැන මතක් කරද්දී මුලු ඇගම හිරිවැටිලා යනවා...

වොෂ් එකක් දාගෙන කිචන් එකට ගියේ breakfast එක රෙඩි කරලා office ගෙනියන්නත් කෑම හදලා තියන්න ඕනී නිසා...ඒ ඔක්කොම කරලා ඉක්මනටම කොෆි එකක් හැදුවේ ඒක ජන්ග්කුක් ගේ පුරුද්දක් නිසා...

කොෆි එකත් අරගෙන ගියේ ජන්ග්කුක් ගේ රූම් එකට... ඒ යනකොටත් එයා නිදි.. එයාව දකිද්දී ත් ඇහැට කදුලක් ඉනුවේ මටත් නොදැනීමයි...

කොෆි එක එතන තිබුනු ටේබල් එක උඩින් තියලා මන් බලන් හොටියේ එයා දිහා...චූටි එකෙක් කොට්ටෙට කම්මුල් තද කරගෙන නිදියගෙන ඉන්න විදිහ...

අද ඉදන් අපේ ජීවිතේ කොහොම ගෙවෙයිද කියලා මන් දන්නේ නෑ...ඒත් මන් ඔයාට කවදාවත් වෛර කරන්නේ නෑ ජන්ග්කුක්. ..මට එහෙම කරන්නත් බෑ...ඔයා හිතන විදිහට ඔයාත් සාධාරණයි...මොන දරුවටද බලාගෙන ඉන්න පුලුවන් තමන්ගේ දෙමාපියන් ව විනාස කරන විදිහ...

මෙතනින් පස්සේ මොනවා වුණත් මන් ඔයත් එක්ක ඉන්නවා. ..ඒක මගේ පොරොන්දුවක්...

Author pov

කෙල්ල ජන්ග්කුක් දිහා ටිකක් බලාගෙන ඉදලා ගියේ office යන්න ඇදුමක් අදින්න...

එතකොටයි කෙල්ල දැක්කේ ඊයේ රෑ ජන්ග්කුක් කෙල්ලගේ බෙල්ලට කරලා තියෙන විනාසේ😂 බෙල්ලම හූරලා කාලා😂...

කෙල්ලට කර කියාගන්න දෙයක් නෑ

බැරිම තැන කෙල්ල හැදුවේ ඒවා හංගන්න

ඒකට කෙල්ල කලේ අල්මාරියේ තිබුණ බෙල්ල වැහෙන්න තිබුණ ගවුම ගත්ත ඒක...ගවුම කිව්වට ඒක ටිකක් හිරයි...ඇගේ හැඩේ කැපිලා පේනවා..ඒ මදිවට අතුත් දිගයි...

"යා..මේක කොහොමද අදින්නේ..හරියට සීතල කාලේ වගේ "
කෙල්ල කොහොමහරි ඒකම අදින්න තීරණය කලා...

ඒක ඇදලා වෙනදා ට බන් එකක් දාන කොණ්ඩේ නිකන්ම කඩලා දැම්මා

ආයෙමත් office යන්න ඕන හැමදේම ලෑස්ති කරලා කෙල්ල පල්ලහාට ගිහින් ජන්ග්කුක් එනකම් බලන් හිටියා...

________________________________________

"ආහ්...බුදුඅම්මෝ ඔලුව ...කවුද මට ඊයේ ගහපු එකා..."
ඉර එලියට මූණට වැටුණ ජන්ග්කුක් ඔලුවත් අල්ලගෙනම නැගිට්ටේ දැනුන තදබල වේදනාවට

Love Revenge  ll JJK ll ✔Où les histoires vivent. Découvrez maintenant