ගෙවිලා ගියපු මේ මාස හයම ජන්ග්කුක්ගේ වගේම හායුන්ගේ ජීවිතත් ගොඩක් විදිහට වෙනස් වුණා....ඒත් ඒ ආදරේ නිසාද ?
කොහෙත්ම නෑ...කොල්ලා පුලුවන් තරම් උත්සහ කලේ කෙල්ලව ඈත් කරන්න...ඒකට හේතුවක් කොල්ලට තියෙනවද ?
ඔව්...කොල්ලා හැමවෙලේම හිතුවේ මේ හැමදේකම අවසානේ කවදාහරි කෙල්ලට කරදරයකින් නවතියිද කියලා..කොල්ලා බයයි...නැතිකරගන්න...ඒත් මේ කරන්නෙත් කෙල්ලව නැතිකරගන්න එක නෙමේද ?...කොල්ලට කෙල්ලව රිදවන්න බෑ කියලා එයාගේ දෙමාපියන්ගේ මිනීමරුවා අතාරින්න බෑ...ඒත් ඒකට කොහොමද කෙල්ල හේතුවක් වුණේ...
හැමදේටම තමන් වැරදිකාරයා කියලා කාලයක් යද්දී කොල්ලට තේරෙයි...කලින් මේ දේවල් තේරුම් ගත්තනම් කියලා කොල්ලා පසුතැවෙයි..ඒත් කොල්ලා ඒ වෙනකොට පරක්කු වැඩි වෙයි...මේ ගෙවුණ මාස හයම ජන්ග්කුක් එයාගේ හියුන්ග් ලගෙන් බැනුම් නොහපු අවස්ථාවක් නැති තරම්...ඒ වගේම හායුන්ගේ අප්පත් මාස කීපයකට වෙන රටකට ගියා..කෙල්ලට ඒක සහනයක් වුණා..ඒවගේම කොල්ලටත්...ජීසුටත් වැඩක් වැටුණ නිසා කෙල්ල ආවේ නෑ
කොල්ලා හිටියේ ඇද ගාව වැටිලා ඇදේ වියනට බර දීලා..කොල්ලා අඩනවද ? ඔව්..කොල්ලා අඩනවා..කොල්ලා පසුතැවෙනවා ඊයේ වුණ දේට..කෙල්ලට රිද්දපු එකට...කෙල්ලව ඇඩෙව්ව එකට...කොල්ලා ජීවිතේ වෛර කරන දවස මොකක්ද කියලා ඇහුවොත්
ඒ කොල්ලගේ අම්මගෙයි අප්පගෙයි අහිමි වීම වෙයි....
එතකොට ඊයේ දවස වෙයි....
පැය ගාණක් කල්පනා කරපු කොල්ලා ගියේ වොෂ් එකක් දාගන්න....ඒත් එක්කම කොල්ලා මිරර් එකෙන් දැකෙන්ම ඊයේ හායුන් කොල්ලගේ කම්මුලේ සලකුණු කරපු කම්මුල් පාර...කම්මුලට ඒ තරම් වේදනාවක් නොවුණත් කොල්ලගේ හදවත පිච්චෙන තරම් වේදනාවක් දැන් කොල්ලට දැනෙනවා....
ඒත් කෙල්ලට ඊටත් වැඩිය රිදෙනවා ඇති නේද ?
අප්පගෙන් ලබාගන්න බැරි වුණ උණුහුම කොල්ලගෙන් බලාපොරොත්තු වුණ කෙල්ල මෙහෙම දෙයක් කොහොමවත් හිතන එකක් නෑ...කම්මුල් පාරක්..පලවෙනි පාරට නෙමෙයි..ඒත් කොල්ලගෙන් පලවෙනි පාරට..ඉස්සර කෙල්ලගේ මූණ සිනිදුයි කියලා කිස් එකක් උනත් දෙන්න ලෝබ කෙනා අද කෙල්ලගේ මූණ රතු කරලා..තුවාල කරලා....
ESTÁS LEYENDO
Love Revenge ll JJK ll ✔
Fanfic"ඔ.. ඔයා එතකොට කවදාමත් මට ආදරේ කලේ නැද්ද කුකී ? අඩුම තරමේ මේ ගෙවුන අවුරුදු පහෙන් එක විනාඩියක් හිතට එකඟව මට ආදරේ කලේ නැද්ද?" "මන් ආදරේ කලා..ඒත් දැන් තමුසෙට මම ගොඩක් වෛර කරනවා ... තමුසේ දන්නවද ? තමුසෙගේ අප්පා මගේ අම්මටයි අප්පටයි කරපු අපරාදේ මට කවදාවත්...