වෙනදා වගේ නෙවෙයි ! අද හායුන් නැගිට්ටේ පරක්කු වෙලා..ඒත් කෙල්ලට ඒ ගැන ගාණක් නෑ..තවමත් බ්ලැන්කට් එක අස්සේ ගුලිවෙලා නිදි....ඒත් කෙල්ල හෙව්වේ බ්ලැන්කට් එකෙන් ලැබෙන උණුහුමද ?
කොහෙත්ම නෑ...කෙල්ල හෙව්වේ ජන්ග්කුක්ව! තව ටිකක් ජන්ග්කුක්ට තුරුල් වෙන්නයි කෙල්ල බලාපොරොත්තු වුණේ...ඒත් කෙල්ලගේ බලාපොරොත්තු එහෙන්මම කඩන් වැටුණේ කොල්ලා නෑ කියලා කෙල්ලට දැනෙද්දීයි!
"මෙයා කොහෙද ගියේ ? ම්ම් "
කෙල්ල ඇගේ හිරිකඩන ගමන් ඇදේ ඉදගත්තේ දැනෙන අපහසුවටත් එක්කමයි...ඒත් කෙල්ල දැක්කේ ඇද උඩ තියෙන තමන්ගේ පිරිසිදුකමේ පැල්ලම !කෙල්ලගේ ඇස් වලට කදුලු උනන්න වැඩි වෙලාවක් ගියේ නෑ..ඒත් ඒ දුකට නම් නෙමෙයි..
ඔව්! කෙල්ල සතුටු වුණා ජන්ග්කුක්ගේ වුණ එකට...ටික වෙලාවක් ඇද උඩ ඉදගෙන හිටපු කෙල්ල බ්ලැන්කට් එකත් ඇගේ ඔතාගෙන ම ගියේ යටිකයෙන් දැනෙන වේදනාවට කදුලු එනකොට...
මිරර් එකෙන් පේන තමන්ගේ ඇග දැකපු කෙල්ල රතුවෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ... ඒ තමන් ජන්ග්කුක්ගෙමයි කියලා පෙන්නපු සාක්ෂි නිසයි! ඇගපුරාම තද දම් පැහැයට හැරුණු පැල්ලම් උඩින් සිනිදුවට ඇගිලි අරන් ගියපු කෙල්ල හොදට නාලා ඇදටත් අලුත් බෙඩ්ෂීට් දාලා එන්න හැදුවත් කෙල්ල නැවතුනේ ටේබල් එක තිබුණ චිට් එකට දැකලා...
"මේක බොන්න! එතකොට ඔය අමාරුව අඩුවෙයි..."
ජන්ග්කුක්
කෙල්ලට හිනාගියේ චිට් එක උඩ තිබුණ පේන්කිලර්ස් දකලා !
"ඔයා තාමත් ඒ විදිහමයි මැණික.."
කෙල්ල කදුලු අතරින් හිනාවුණේ කොල්ලගේ හුරතල් කමට ...කෙල්ල හිත ඇතුලින් සතුටු වෙනකොට කොල්ලා පිච්චෙන තරම් වේදනාවකින් හිටියේ ....! යුන්ගි කියපු වචන කොල්ලගේ ඔලුව පුරා සක්මන් කරා. ..කොල්ලා ගියේ ආයෙමත් ඒ කියපු දේවල් වල මතකෙට.....
"හියුන්ග් !!! මොනාද දෙයියනේ මේ කියන්නේ ? "
ජන්ග්කුක් ඇහුවේ යුන්ගිගේ උරහිසට අත් තියලා තද කරන ගමන්..ඒත් ඒ වෙලාවේ යුන්ගිට දෙන්න උත්තර තිබුණේ නෑ..
YOU ARE READING
Love Revenge ll JJK ll ✔
Fanfiction"ඔ.. ඔයා එතකොට කවදාමත් මට ආදරේ කලේ නැද්ද කුකී ? අඩුම තරමේ මේ ගෙවුන අවුරුදු පහෙන් එක විනාඩියක් හිතට එකඟව මට ආදරේ කලේ නැද්ද?" "මන් ආදරේ කලා..ඒත් දැන් තමුසෙට මම ගොඩක් වෛර කරනවා ... තමුසේ දන්නවද ? තමුසෙගේ අප්පා මගේ අම්මටයි අප්පටයි කරපු අපරාදේ මට කවදාවත්...