chapter 4

784 159 55
                                    

Crystel star company එක බීජිං වල ජනාකීර්න පැත්තක තිබුනත් කම්පැනි එක වටේට කම්පැනි එකටම අයිති උන ලොකු ගාර්ඩ්න් එකක් තිබුනේ crystel star වලට ලොකු භූමි ප්‍රදේශයක් අත්කර දෙමින්. මනාව නඩත්තු කරපු උද්‍යානයේ තැනින් තැන තිබුන බංකු නිසා කම්පැනි එකේ ගොඩාක් අය තමන්ගෙ ලන්ච් ටයිම් එක ගත කරන්න මේ ගාර්ඩ්න් එක තෝරගත්තා.

ජාන් තමන්ගේ සෙටිෆිකට්ස් ටිකත් අරගෙන කම්පැනි එකේ සෙකියුරිටි එකට ඉන්ටර්විව් කෝල් කරපු මේල් එකත් පෙන්නලා ඇතුලට එනකොට ඉන්ටර්විව් වලට ඇවිත් හිටපු අනිත් අයත් තම තමන්ගෙ ලෝකවල ඉඳන් ගාර්ඩ්න් එකේ හිටියේ එයාලට තාමත් ඇතුලට කතා කරපු නැති නිසා. ජානුත් පැත්තක තිබුන බෙන්ච් එකක ඉඳගෙන කම්පැනි එක දිහාම බලන් හිටියා. මුලු පරිසරයම නිශ්ශබ්ද වෙලා තිබුනේ හැමෝම තම තමන්ගේ වැඩ වල හිටපු නිසා.

කම්පැනි එක දිහා බලන් කල්පනාවක ඉඳපු ජාන් එකපාරට ගැස්සිලා ගියේ කවුරුහරි කෙනෙක් ඉඳන් හිටපු එයාගේ ඇඟේ හැප්පිලා වැටෙන්න ගිය නිසා. අහක බලන් ආපු කොල්ලෙක් බෙන්ච් එකේ හැප්පිලා ජාන්ගේ ඇඟටම වැටෙන්න යද්දි ජාන් ඒ කොල්ලව අල්ලගත්තා.

" අනේ..... සොරි සොරි මචෝ... හිතල හැප්පුනේ නෑ හොඳේ . "

වැඩි වයසක නොවුන ඒ කොල්ල කියද්දි ජාන් හිනා වුනා.

" ... ඕක මොකද්ද අනේ. ඔයත් ආවෙ ඉන්ටර්විව් නේ.. මම ජාන්. "

" නයිස් ටු මීට් යූ බ්‍රෝ..... මම නින්. ඔන්න මාත් මෙතනින් ඉඳගන්නවා හොඳේ. "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Dream lover (completed)Where stories live. Discover now