" ඕහ් ඔයා...... "
" ශුවාන් සර් "
" අයිගෝ.. පොඩි කොල්ලො. සොරි අනේ .. ඔයාට අවුලක් නෑනේද .... මම වෙන සිහියක අප්පා හිටියේ."
" නෑ නෑ මට අවුලක් නෑ සර්. මාත් ඇත්තටම හොඳ සිහියෙන් නෙමේ ආවෙ. හි හී.."
ජාන් ඔලුවත් කස කස මොන්ගල් හිනාවකුත් දාන් කියද්දි ශූට හිනා ගියා.
" හරි හරි එව්ව කමක් නෑ.. ඔයා ශියාවෝ ජාන් නේ.. මම හරිනේ.. ඒත් කොහෙද මේ යන්නෙ . කෝ යාලුවො දෙන්න ඔයාගේ."
ශූ අහද්දි ජාන් පුදුම උනා.
" සර්ට මාව මතකද . "
" ඇයි මට ඔයාව අමතක වෙන්නෙ. ඒක නෙමේ නයිල් ගඟේ කිඹුල්ලු ගාන හොයාගත්තද. "
ශූ හිනා වෙවී අහද්දි ජාන්ටත් ඉබේටම හිනා ගියා.
" නෑනේ සර්.... මම ගිහින් කිඹුල්ලු ගනන් කර කර හිටිය. ඒත් ඊට පස්සෙ එතනට ආපු මාලුවෙක් මට කිව්වනේ ගනු කඩුව එනු සටනට කියලා. මාත් ඉතිම් බොරුවට මාලුවෙක්ගෙන් මැරුම් ගන්න බැරි කමට ආපහු ගෙදර ආවනේ. ඉතිම් ගනන් කරන්න බැරි උනා."
ESTÁS LEYENDO
Dream lover (completed)
De Todoඅත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක් ගෙවී අවසන්...... ඉඳින් හැකිවේවිද ඔහුට ශාපය දුරු කිරීමට.... නැතිනම් ශාපය නිසාම මියෙන තම සහෝදරිය දෙස...