chapter 1

1.2K 182 27
                                    

ඒ නොවැම්බර් මාසයේ මැද සතියයි. ඉදිරි සති කිහිපය තුල එන්න නියමිතව තිබුන පැජන්ට් දෙකක කොස්ටියුම් වගේම නත්තල වෙනුවෙන් තියන ෆන්ශන් කීපයක අයිඩල්ස්ල වෙනුවෙන් කොස්ටියුම් කීපයකම නිර්මාන අයිතිය crystel star comapany එක සතු උනා. ඒ නිසාම ආයතනය තුල තිබුනේ සුලු කලබලකාරී වාතාවරනයක්.

ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දෙ කම්පැනි එකට ඕඩර්ස් වැඩි වුනේ එයාලගෙ නිර්මාන වල තියන උසස් බව නිසාමයි. ඒ නිසාම අලුත් ෆැශන් ඩිසයිනර්ස්ල කීපදෙනෙක් කම්පැනි එකට එකතු කරගන්න යීබෝ වගේම යූබින් තීරනය කලා.

.....................................................

සුපුරුදු විදියටම අදත් crystel star company එකේ එන්ට්‍රන්ස් එක ලඟින් ගාම්භීරව ඇවිදන් එන යීබෝව දකින හැමෝමවම ඉඳන් ඉන්න අසුන් වලින් නැගිට්ටවෙන්නෙ ඉබේටමයි. මුහුනේ මතුව තිබෙන හැඟීම් විරහිත බැල්මක් වගේම මනාව නඩත්තු කල උස්වූ පිරිපුන් සිරුරෙන් ඔහුගේ සීතල පෞර්ශය විදහා පෑවා.

ගුඩ් මෝර්නින් සර්........... තමන්ගෙ කැබින් එකට යනකම්ම යීබෝට උදේට ඇහෙන සුබ පැතුම් වලට යන්තමින් හිස වනන යීබෝ ඉක්මන් ගමනින් එයාගෙ කැබින් එකට ගියේ අද ටිකක් පරක්කු උන නිසයි.

හැඟීම් විරහිත මුහුනෙන් යීබෝ කැබින් එකට ආවත් ඇතුලෙ හිටපු කට්ටිය දැකලා යීබෝගේ මූනෙ ඇතු උනේ හරි දඟකාර හිනාවක්.

" ඒහ්හ්.... මන් පරක්කුයිද බම්."

" පරක්කු..... අනේ නෑ. උබ තමයි වේලාසනින්ම ආපු එකා . තාම මේ අපි මග. හිටපන් විනාඩි පහෙ එන්නම්. "

චෙන් යීබෝට ඇද කරමින් කිව්වා.

" හාම් හාම් හරි හරි බන්. දන්නවනේ ඉතිම්.... මට ටිකක් නින්ද ගියා......"

" හ්හ්හ්ම්ම්ම්.... ඒකට කමක් නෑ යීබෝ. අපි දන්නව උබට තියන ප්‍රශ්නේ. තාමත් ඔව්ව පේන එක අඩු නෑද බන්. "

Dream lover (completed)Onde histórias criam vida. Descubra agora