" චැන්ග්ශා මාලිගයට සාදරයෙන් පිලිගන්නවා දරුවනේ......."
පඩිපෙල බැගැගෙන් එන කෙනා කියනකොට කොල්ලො ටික නම් කටත් ඇරන් එයා දිහා බලාගෙනයි හිටියේ.
" ඒ ඔයා.... ඔයා තමයි පඩිපෙල උඩින් මතුවුනේ.... හැබැයි ඔයා මම වැටෙනකම් මුකුත් නොකර බලන් හිටියා... "
කොල්ලො ටික අතරින් ඉස්සරහට ආපු ජාන් කිසි බයක් නැතුව ඒ ආපු කෙනා ඉස්සරහට ගිහින් කිව්වා. කොල්ල මුල් ටික නම් පුදුමෙන් කිව්වට අන්තිම ටික නම් රවාගෙනයි කිව්වෙ..
" බබා.. ලඟට එන්නයි කිව්වේ... "
ජාන් කිසි බයක් සැකක් නැතිව මේ විදියට අඳුරන්නැති භූත මනුස්සයෙක් ලඟ ඉන්නව තවත් යීබෝට බලන් ඉන්න බැරිම තැන කොල්ලගෙ අතින් ඇදල තමන් ලඟට ගත්තා.. ඒත් ජාන්ගෙ කතාවට ඒ ආපු කෙනා නම් මුකුත් නොකියා ජාන් දිහා බලන් හිටියා .. එයාගෙ ඇස් වල නම් ලියවිලා තිබුනෙ කියා ගන්න නොහැකි තරමේ බැල්මක්.
" මට සමාවෙන්න ජාන් පුතා.. ඔයාව බය කරන්න හිතුවෙ නෑ මන්.. ඒත් ඔයත් දකින්න ඇති නේද මම ඔයාව අල්ලගන්න හැදුවට බැරි වුනා කියලා.. දුර්වල ආත්මයක් වුන මගෙ බලය සීමිතයි.... "
" හෑ... ඔයා ආත්මයක්ද එතකොට... "
ජාන් ඇහුවෙ කටත් ඇරන්... කොල්ලගෙ මූනෙ තිබුනෙ පුදුමෙකට වඩා එහා ගිය හුරතල් බවක්... හරියට පුංචි ළමයෙක් තමන් ආසම කාටූන් එකක් දිහා බලන් ඉන්නව වගේ..
" ඉතින් ජාන් පුතා ඔයාලගෙ ජාලෙ මිනිස්සු මේ විදියට යකඩ ගොඩවල් ඇඟ වටේ ඔතන් ඉන්නව ඔයා දැකල තියනවද "
ESTÁS LEYENDO
Dream lover (completed)
De Todoඅත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක් ගෙවී අවසන්...... ඉඳින් හැකිවේවිද ඔහුට ශාපය දුරු කිරීමට.... නැතිනම් ශාපය නිසාම මියෙන තම සහෝදරිය දෙස...