Chapter 19

329 74 67
                                    

ඔවුන්ගේ ගමනාන්තය..

කලුදිය විල....... නමේ අර්තයටම ගැලපෙන ලෙස තිබූ කලුපැහැ වතුර නිසා විලේ පතුලක් නම් පේන්නට තිනුනේ නැහැ.

" අඩේ මචන් අන්න අතන බෝට්ටුවක්...."

බින් කිව්වේ විල ඉවුරෙම නවතා තිබුන කුඩා බෝට්ටුවක් පෙන්වමින්. තුන් දෙනාම එතනට ගියත් එයාලට දකින්නට හම්බුනේ තරමක් කුඩා බෝට්ටුවක්...

" බම්.. මේකෙ තුන් දෙනෙකුට යන්න බෑනේ.. දෙන්නෙකුට වගේ නම් ශේපෙට යන්න පුලුවන්."

" ම්ම්ම් එක්කෙනෙකුට මෙතන නවතින්න වෙයි වගේ බින් ගගා... එහෙමත් නැත්නම් මුලින්ම දෙන්නෙක් ගිහින් එක්කෙනෙක් එහා ඉවුරෙ නැවතිලා බෝට් එක අනික් කෙනා හරවන් ඇවිත් තුන් වෙනියව දාන් යන්න වෙයි...."

ජාන් කියනකොට බින් වගේම යීබෝත් ඔලුව වැනුවෙ වෙන කිසිම විකල්පයක් ඒ ක්‍රමවලට ඇරෙන්න නොතිබුනු නිසයි.

" අපි පුලුවන් ඉක්මනින් ගවේශනය ඉවර කරන්න ඕනි... ඒත් කියල එක්කෙනෙක්ව මග දාල යන එක කීයටවත් කරන්න බැරි වැඩක්.... මොකද මෙච්චර වෙලා අපි කන්ඩායමක් ඉඳලත් මූන දෙන්න වුනේ හොඳ දේවල්වලට නෙමේනේ... නිසා එක්කෙනෙක්වත් මග තනි කරන්න බෑ.. "

යීබෝ කිව්වේ ස්තීර හඬින්... ජාන්ටවත් බින්ටවත් යීබෝ කියපු දේ ගැන කිසිම විරුද්දත්වයක් තිබුනේ නෑ.. ඒ නිසාම මුල් වටයට ජාන් එක්ක යීබෝ යන්නත් බින් මෙගොඩ නවතින්නත් තීරනය වුනා...

බින් ගොඩට වෙලා ඉද්දි වතුරට බැහැපු ජාන් යීබෝ දෙන්නා බෝට්ටුවට නැගගත්තා. බෝට්ටුවේ තිබුන එකම හබල අතට ගත්තු යීබෝ ඩිමීටර් දෙවොල දෙසට හබල් ගහන්න ගත්තත් කලුදිය විලේ මැෆ්හ හරියට යද්දි සිදු වුනේ මේ වෙලාවේ සිද්ද වෙන්නට එයාල හීනෙන්වත් ප්‍රාර්තනා කරපු දෙයක් නෙමේ..

Dream lover (completed)Dove le storie prendono vita. Scoprilo ora