Chapter 20

400 81 69
                                    

  " බබා.. බබා... ඇස් අරින්නකෝ... දැන් ඇති නේ ඔය විදියට හිටියා..."

    හිස පුරා යන ඇඟිලි තුඩු පහසක් සමඟම කන අසල ඇසෙන තම ආදරනීයයාගේ කටහඬ මධ්‍යයේ ජාන් තම දෙනෙත් විවර කලා.

   කඩතොලු වහලයක්.....   මුලින්ම ජාන්ට පෙනුනේ කඩතොලු වහලක්... ජාන්ට දැනුනා ඔහු සිටින්නේ කාගේ හෝ උකුලක් මත දිගාවී කියා...  නොනවත්වා ඇඟිලි තුඩු පහස ජාන්ගෙ හිස පුරා ගමන් කරද්දීයි ඔහුට මතක් වුනේ අවසන් වරට ඔහු දුටු සිදුවීම..

   ඒ ක්ශනිකව ජාන් කෙලින් වීමට ගියත් ඔහුට තම සිරුර හරි හැටි වාරුවුනේ නෑ. ඒ නිසාම ආපහු බිමට වැටීමට ගියත් ශක්තිමත් දෑතක් ඔහුව කෙලින් කර ජාන්ව තම පපුව වෙත වාරු කරගත්තා..

   " බබා.... "

   ජාන්ගෙ සවන්පත් අසා මිමිනෙන ඒ හඬෙහි අයිතිකරු හඳුනාගත් ජාන් ඉක්මනින් තමන්ව වාරු කරගෙන සිටින මිනිසා දෙසට හැරුනා...

   කොහොම විශ්වාස කරන්නද.. දෑස් පනාපිටම තමන්ට අහිමි වූ තම ආදරවන්තයා සිනහමුසු මුහුනෙන් තමන් දෙස බලා සිටින ආකාරය... තමන්ගේ වචන ගල් වී ඇති බව ජාන්ට තේරුනා..

   " මොකද අනේ මන් දිහා ඔහොම බලන් ඉන්නේ...."

   " බෝ... බෝ....."

   ජාන්ට කතා කිරීමට පුලුවන් වුනේ එච්චරම තමයි... ඇස් වල පිරි ගිය කඳුලු වාන් දැමුවා හා සමානව දෙකපුල් මතින් පහලට බසිද්දී ජාන් යීබෝගේ සිනහමුසු මුහුන තම අත් දෙකෙන්ම අල්ල ගත්තා...

   " ඔයා... ජී..වත්.. වෙ..නවා.. බෝබෝ...."

   " ඇයි විශ්වාස කරන්න අමාරුද දරුවෝ... මන් ඔයාව දාල කොහෙ ගන්නද ම්ම්ම්ම්...."

   තාමත් ඉකිගගහ අඬන ජාන්ව පපුවට තුරුල් කරන් චුට්ටක් දෙපැත්තට වැනෙන ගමන් යීබෝ කිව්වා...

Dream lover (completed)Onde histórias criam vida. Descubra agora