ඒත් එයාල දැක්කෙ හීනෙන්වත් තමන්ගෙ ජිවිතේට දකින්න ඕන දෙයක් නෙමේ.. හරියටම හදවතට ඇනුන ලී උලක් එක්ක තමන්ගේ ආදරනීය මිතුරාගේ අවසන් හුස්ම පොද එතකොටත් වාතලයට මුසු වෙලා ගිහින් තිබුනා.. තුවාලයෙන් තවමත් උනුසුම් ලේ ගලාගෙන යද්දි අනිත් කොල්ලො හතරදෙනාම තවමත් සිටියේ කම්පනයෙන් ගල් ගැසිලයි..
" චෙන්න්න්න්න්... නෑ.......... උඹ... උඹ.... මොකද්ද............ මේ.."
මුලින්ම හරි සිහියට ආපු ශූ කෑගහන්න ගත්තේ අත්දෙකෙන්ම එයාගෙ ඔලුවත් බදාගෙන.
චෙන්... හරියටම කිව්වොත් සහෝදරයෙක්.. අවංක මිතුරෙක්.. පොඩි කාලෙ ඉඳන් නොවුනත් හැම දුකේදිම සැපේදිම ලඟින් ඉඳපු ආදරනීයයෙක්.. මීට විනාඩි කිහිපයකට උඩදි හිනාවෙලා සතුටින් ඉඳපු ඔහුගේ අන්තිම හිනාව ඒකම වෙලා තිබුනා.
ශුවාන්ගෙ ගොත ගැහුනු හඬ ඇරුනම මුලු පරිසරයම මූසල නිහඬතාවෙකින් වෙලාගෙන තිබුනා.. කොල්ලො හතරදෙනාම චෙන්ගේ තවමත් උනුසුම් ප්රානය නිරුද්ද ශරීරය දිහා කඳුලු වගුරවමින් ඔහේ බලන් හිටියෙ වෙච්ච කිසි දෙයක් හිතාගන්න බැරුව.
" ඇයි.. ඇයි මෙහෙම දෙයක්... මේ හැමදේටම හේතුව මම... මන් කිව්වා.. මන් කිව්වා උඹලට මාත් එක්ක එන්න එපා කියලා.... ඇහුවද ඒක... කියපන්... උබල එකෙක් මන් කියපු එක ඇහුවද.... බලපන් මේ වුන දේ... කොහොමද යකෝ මන් මටම සමාවක් දෙන්නෙ.... "
කම්පනයෙන් මිදුන ජාන් වියරුවෙන් වගේ කෑගහද්දි අනිත් අය ජාන් දිහා බැලුවෙ බය වෙලා . ඔව් ඇත්තටම ජාන්ගෙ හිතේ වෙද්දි මකාගන්න බැරි ලොකු පසුතැවීමක් ඇති වෙලයි තිබුනේ... මොන දේ සිද්ද වුනත් අද මේ විදියට චෙන් අනිත් අයව දාල ගියේ එයාගෙ ගවේශනයට එකතු වුන නිසා කියල මතක් වෙද්දි කොල්ලව වියරු වැටෙන එකත් එක අතකට සාදාරනයි.
YOU ARE READING
Dream lover (completed)
Randomඅත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක් ගෙවී අවසන්...... ඉඳින් හැකිවේවිද ඔහුට ශාපය දුරු කිරීමට.... නැතිනම් ශාපය නිසාම මියෙන තම සහෝදරිය දෙස...