ආදරේ කියන්නෙ ලීසාට එච්චර දැනෙන දෙයක් නෙවෙයි. ඉස්සර ඒ දේවල් ගැන ගොඩක් හීන, ආසාවල් තියං හිටිය ලීසා කාලෙ යද්දි කාර්යබහුල වෙනකොට ඒ හැමදේම එච්චර ලොකුවට හිතන්නැතිව ඉන්න පටං ගත්තා..
කොටින්ම කිව්වොත් ලීසාට අනුව අෆයා එකක් තියෙන්න ආදරේ අත්‍යවශ්‍යම උනේ නෑ. රෝස්ගෙන් එයාගෙ තනිය මැකුනා වගේම රෝස් හැමවෙලාවෙම ලීසාගෙ ප්‍රශ්න වලදි එයා එක්ක හිටියා. කතා කලා.. ඉතිං ඒකට තමයි අෆයා එකක් කියන්නෙ කියලයි ලිසා හිතං හිටියේ.
" ආව්......." වෙන සිහියක ඇවිදං ගිය ලීසා ඉස්සරහෙන් ආව ගෑනු ලමයාගෙ ඇගේ වැදුනා..
පොත් ගොඩක් අතේ තියං ඇවිත් හිටිය ගෑනු ළමයා එතන බිම වැටුනා.." ආ.. අනේ සොරි..." ලීසා ඉක්මනට පහත් වෙලා ඒ ගෑනු ලමයාව නැගිට්ටුවෙ වැටුන පාර කොට ස්කර්ට් එක උඩට ගිය නිසයි.
" තැ.. ත්.. තැං. ක්යූ.. ප්.. ප්‍රෆෙස්. ස.. ර්.."
ගෑනු ලමයා තමන් ඉස්සරහා හිටං ඉන්නෙ ලෙක්චර් කෙනෙක් කියලා දැක්කම ටිකක් බය වෙලා බිම බලාගෙන කිව්වා.." ඉට්ස් ඕකේකේ.. ..... ඔයා හොඳින් නේද.." ලීසා ගෑනු ලමයාගෙ අතෙන් පොඩ්ඩක් අල්ලලා ඇහුව..
" ම්..." කෙල්ල ලස්සනට හිනා වෙලා කිව්වා.. ඒත් යන්න කියලා අඩියක් තිබ්බා විතරයි.. වැටුන පාර කකුල උලුක් වෙලා වගේ ගිහින් ගෑනු ළමයා වැටෙන්න වගේ ගියා..
" ආ.. බලාගෙන..." ලීසා ඉක්මනට ගෑනු ළමයාව අල්ල ගත්තා..
" එන්න.. අතනින් ඉදගමු..." ලීසා හිමින් කෙල්ලව අල්ලගෙන ලග තිබුන බෙංච් එක ගාවට ඇවිදං ආවා.." ආ.. පරිස්සමින්" ලීසා ඒම කියලා කෙල්ල ව හිමින් එතනින් ඉන්දෙව්වා.
" කො... ඉන්නකෝ...." ලීසා එතනම දණ ගැහුවෙ කෙල්ල පුදුමෙන් ඒ දිහා බලද්දියි.
දණහිස දක්වාම දිගට තිබ්බ සොක්ස් එක හිමින් පහලට ඇද්ද ලීසා දණහිසට පහලින් හීරිලා ගිය කකුල දිහා දුකෙන් බලං හිටියා..
" ඌයි... " කෙල්ල එක පාරටම තුවාලෙ අල්ලන්න ගිය ලීසාගෙ අත අල්ල ගත්තා...
" සොරි ප්‍රෆෙසර්.." ගෑනු ළමයා ඒ ක්ශනයෙන් රතු වෙලා ගිය නිසා ඉක්මනින් ඒ අත අහක් කර ගත්තා..
" අනී... මට ලීසා කියන්න...... ඔයා?"
" ම්..... ජිනී....." කෙල්ල උත්තර දෙනගමන් ආයේම කම්මුල් පිම්බගත්ත විදියට ලීසාට නං හිනා
ලීසා බෑග් එකේ හැමදාම තියං ඉන්න පුංචි බෙහෙත් පෙට්ටිය ඇරලා ප්ලාස්ටර් එකක් අරං තුවාලෙට අලවලා හිමින් නැගිට්ටා..
" ඉතින් ජිනී... ඔයත් කොරියන් නේද.. නයිස්ටු මිට් යූ... " ලීසා ඒම කියලා ජිනීගෙ එහා පැත්තෙන් ඉඳ ගත්තා..
ජිනී හුගක් අහිංසක පාටයි. ඒ වගේම වැඩිය කතාවක් නෑ වගේ..
ලීසා කියන හැමදේටම ලස්සනට හිනා වෙලා කෙටියෙන් උත්තර දුන්න ජිනීව දැක්කම අවුරුදු ගානකට පස්සේ ලීසාට පරණ කෙනෙක් ව මතක් උනා...
.
.
.
.
.
.
.
.
.
.💗✨To be continued ~~
YOU ARE READING
Fated to Love You [Jenlisa]GL 18+ (Complete)
FanfictionJenlisa [GL 18+ ] sinhala fan fiction. තහනම් ආදරයක පැටලුන ආදරණීය පෙම්වතියන්. - GL - 18+ or 21 + Making love parts are included - not a high school story. - Short Chapters - lisa - top, jinne - bottom If you uncomfortable with, please don't bot...