End

1.9K 228 23
                                    

" සප්රයිස්........" ජිනී තාමත් ඇදේ ඉන්න ලීසා ගෙ ඇඟට පැනලා ඒම කිව්වා..

" යා.. බබා... මගේ කොන්ද.......... අහකට වෙන්නකො......"

"හ්ම්.. එක දවසක් ඕමනං හැමදාම ඕක විදින මට.... හ්ම්...... අනේ නැගිටින්න මගේ ලී....... අද විශේෂ දවසක්.."

ජිනී ඒම කිව්වෙ කම්මැලි කමෙත්, කොන්ද එක්ක දැනෙන වේදනාවෙන් ඇඳට වෙලා ඉන්න ලීසාගෙ අතෙන් ඇද ඇදයි.

" ඔයාට රිදෙන්නැද්ද ආ......... " ලීසා හිමින් නැගිටින ගමන් ජිනීගෙන් ඇහුව..

" නොප්... දැං මට ඒක ගානක්වත් නෑ.. හ්ම්. මේ...... " ඒම කියලා ජිනී වටයක් කැරකුනා..

එයා ඇදං හිටියේ කලවා වලින් බාගයක් විතරක් වැහෙන තරමේ පුංචිම පුංචි ලස්සන ගවුමක්.
කැරකුන පාර ලීසා ඇසිපිල්ලම් ගහන්න ගත්තෙ ඒ වෙච්චි දේට.

" යා... බබා.... ඔම ඇදුමක් නම් ඇදං ඔයාට මම කොහෙවත් යන්න දෙන්නෑ... යන්න... ගිහින් වෙන එකක් ඇඳ ගන්න........." ලීසා ජිනී දිහා සැර බැල්මක් දාන ගමන් ක්ලොසට් එක පෙන්නුවා..

" අපො ඔයා නම්....." ජිනී ඒම කියලා ඇවිත් ලීසාගෙ ඔඩොක්කුවෙන් වාඩි උනේ කකුල් දෙක ලීසාගෙ ඉන වටේට හිටින විදිහටයි.

ලීසා පිටිපස්සට පාත් වෙලා ඇඳෙන් අත් දෙක තියාගෙන හිටියා.. එයා ඊයේ නිකමට එයාගෙ තැන ගන්න ජිනීට අවස්ථාවක් දුන්නා...හැමදාම ඒවා වල රිටන් එක ඊයේ ලීසාට බොන්ස් එක්ක හම්බ වෙද්දි අද එයාට නැගිටින්නවත් පුළුවන් වෙයිද කියලා එයාට සැක හිතුනා.

.
.
.
.

ජිනී ලීසාගෙ දුහුල් ශර්ට් එකේන් ඇදලා තමන් ගාවට ගත්තා..

ඒ තොල් වලට පෙක් එකක් තිබ්බ ජිනී හිනා වෙලා ලීසා දිහා බැලුවෙ තාමත් තොල් උල්කරන් පොඩි එකක් වගේ බලං ඉන්න විදිහයි.

" හැපි ඇනවර්සරි ලී........" ජිනී ඒම කියලා ලිසා දිහා බලාගෙන හිටියා....

" දෙයියනේ....... ඔයා ඒ මොකක්ද කිව්වෙ..... මොන ඇනවසරිද... අපි වන් ඉයර් එක ගත්තෙ ලගකදි නේද .."

ලීසා බය වෙලා ජිනී දිහා බැලුවා...

ජිනී තොල් කනපිට හරව ගත්තෙ එයාගෙ ඔන්නිට එයාලගෙ වන් හාෆ් ඉයර් ඇනවර්සරි එකවත් මතක නෑ කියලා දුකටයි.

ඒත් නොහිතපු විදියට එක පාරටම ලීසා ජිනීව අරං ඇදට තද කලා..

" හ්හා.... මට ඒම අමතක වෙනවද ආ.......... ඒකටද මේ.. මේම ඇදුමක්...... හැමදාම ඕම අඳින්න බබා...... ඔයා ට හැමදාම නොන්ඩි ගහන්න පුළුවන්....."

ලීසා ජිනීට හිනා වෙලා ඒ නහය ඉස්සරහට ඇද්දා..

" අනේ මේ..... එන්න... අපි අද කොහෙ හරි ඇවිදින්න යං....." ජිනී ඒම කිව්වෙ ලීසා ඒ හැමදේම කියන්නෙ විහිලුවට කියල එයා දන්න නිසයි.

මේ අවුරුදු එකහමාරටම ලිසා ජීනීව මලක් වගේ ආදරෙන් බලා ගත්තා...
ජිනීත් හැමවෙලාවෙම ලීසාට ආදරෙන් ලං වෙලා හිටියා.... පුංචි පුංචි ආදර රණ්ඩුත් නොතිබ්බාම නෙවෙයි. ඒත් ඒ හැමවෙලාවෙම පරදින කෙනා හිමින් ඇවිත් සමාව අරගෙන ආපහු යාලු වුනා.

මොකද දෙන්නට ගොඩක් වෙලා තනියම ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ.

ජිනී යුනිවසිටි එකෙන් මේ අවුරුද්දෙ අග ග්‍රජුවේට් වෙනවා. ඊට පස්සේ ලීසාවත් එක්කගෙන එයාලගෙ ඔම්මා අප්පා බලන්න යන්න තමයි දෙන්නා ප්ලෑන් කරන් ඉන්නෙ.

ජිනී වගේම ලීසාත් හැමවෙලාවෙම ප්‍රර්ථනා කරන්නෙ මේ ආදරේ හැමදාම ඒ විදියටම තියෙන්න කියලා තමයි...

.
.
.
.
.
.
.
.
.
.
.
.

Over 💗✨

මං මේක ලියලා තිබ්බෙ 2021 කාලෙ. දැං 2024 මං මේක පොඩ්ඩක් එඩිට් කලා. වැරදි ඒම හදලා.

ඒත් අඩේ ඒ කාලෙ ලියලා තියන දේවල් කියවද්දි මටම ලැජ්ජා හිතුනා අප්පා. මහ dirty කෙම්ලෙක්

ඒනං. ආයෙ හම්බ වෙමු. ස්තූතියි ඔයාලගෙ ආදරේට. අදහස් කියං යන්න අමතක කරන්න එපා.







By- bear



Fated to Love You [Jenlisa]GL 18+ (Complete) Dove le storie prendono vita. Scoprilo ora