බෙල්ල මුල තද හැපුම් පාරක් දැක්ක ලීසා ඉක්මනට රෝස්ගෙ ඇගෙන් අහක් උනා.
රෝස් තාමත් බීමතින් කියෝනවා.... ඒ එක්කම එයා ලීසාගෙ පහසට හොඳටම මත් වෙලා..ලග තිබුන තමන්ගෙ ෆෝන් එක අතට ගත්ත ලීසා ඒකෙ එලිය රෝස්ගෙ බෙල්ලට ලං කලා..
ලීසාට ආවෙ සෑහෙන්න ලොකු තරහක්.. ඒ තියෙන්නෙ ලව් බයිට් එකක් කියලා කියන්න ලීසාට මහ අමාරු නෑ...
දෙපාරක් නොහිතා ඇදෙන් නැගිටලා ආව ලීසා බ්‍ර එකත් ටී එකත් අරං කාමරෙන් එලීයට බැස්සා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ජිනී නින්දෙන් ඇහැරියේ ෆොන් එක රිංග් වෙන්න ගත්ත නිසයි..
බාගෙට ඇස් ඇරගෙන ඈනුමකුත් ඇර ඇර ෆෝන් එක අතට ගත්ත ජිනී නම්බර් එකවත් නොබලා කෝල් එක ආන්සර් කලා." ගේට් එක අරින්න....."
කොල් එකේ එහා පැත්තෙ කෙනා ඒම කියනකොට ජිනීගෙ ඇස් උඩ ගියා. ඇදෙන් නැගිට්ට කෙල්ල ඇස් දෙක පිහිද පිහිද නම්බර් එක බැලුවා.📲 Lisa Unnie ❤️
කොල් එක කාගෙන්ද කියල දැක්ක ගමන් ජිනී ආයේම ඉක්මනට ෆෝන් එක කනට ගත්තා.
" ඔන්නි.. ඔයා කොහෙද...." ජිනී ඉක්මනට ඇහුවෙ මෙච්චර රෑ වෙලා ලීසා කොල් කරපු එකට බයේ.
" එක පාරක් කිව්වා නේද..... ගේට් එක අරිනවා...." ලීසා සැරෙන් කෑ ගැහුවා..
ජිනීට තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් බව.
ඇදෙන් නැගිට්ට ජිනී ස්ලිපර්ස් දෙකත් දාගෙන ඉක්මනට පහලට දුවගෙන ආවා..ජිනී මේන් ඩෝ එක ඇරගෙන කෙලින්ම ගියේ පීටර්ගෙ කාමරේට.. දොරට දෙතුන් පාරක් ගහනකොට පීටර් දොර ඇරියා.
" ගේට් එක අරින්න... මගේ යාලුවෙක් ඇවිත්.." ජිනී හති දදා ඒම කියනකොට පිටර් ගිහින් ගේට් එක ඇරියා.
ලීසා ඇවිත් තිබ්බෙ කාර් එකේ..
කාර් එක ගාඩ්න් එකේ නතර කරපු ලීසා ඒකෙන් බැස්සෙ හරියට මැරුන මිනිහෙක් වගේ.." ඔන්නි........" ජිනී දුවලා ගිහින් ලීසාව අල්ලගෙන ගේ ඇතුලට එක්කගෙන ආවා.
" ඕම ඉන්න.. මං ඔයාට මොනා හරි හදං එන්නම්.." ජිනී ඒම කියලා ලීසාට සෝෆා එකෙන් ඉදගන්න දිලා එතනින් යන්නයි ගියේ. ඒත් ඊට කලින් ලීසා ජිනීගෙ අත අල්ල ගත්තා...
" මට මහන්සියි.... නිදා ගන්න ඕන... " ලීසා ඇස් හිනි කරගෙන හොඳටම නිදිමතේ ඒම කිව්වා.
ජිනීට හිතා ගන්න බැරි උනා මේ කිසිම දෙයක්.... මෙච්චර නිදිමතේද මෙයා වාහනේ ඩ්‍රයිව් කරං ආවෙ.... එතකොට ඇයි මේ මහ රෑ.... අනික මොකක්ද ලීසා ඔන්නිගේ ප්‍රශ්නෙ...
ජිනීගෙ හිතේ ප්‍රශ්න කොටියක් මැවෙන්න ගත්තා...ලීසා තාමත් ජිනීගෙ අත අල්ලං ඒහෙම්ම සෝෆාවට හේත්තු වෙලා නිදි..
හිමින් ලීසාව නැගිට්වලා තමන්ගෙ ඇගට වාරු කරගත්ත ජිනී එයාව තමන්ගෙ කාමරේට අරගෙන ගියා.ඇදේ එක පැත්තකින් ලීසාව නිදි කරවපු ජිනී ශිට් එකත් අරං ලීසාට පෙරෙව්වා.
ඊට පස්සේ පහලට ගිහින් පීටර්ට කතා කරලා ලීසාගෙ කාර් එක හරියට පාක් කරන්න කියලා කීව ජිනී හිමින් ඇවිත් ලීසාගෙ එහා පැත්තෙන්ම නින්දට වැටුනා...
.
.
.
.
.
.
.
.
.
.ඊයේ රෑ වෙච්චි දේවල් එක පාරටම මතක් උන ජිනී පාන්දර නිකමට ඇස් ඇරලා බැලුවෙ ඒ හැමදේම හිනයක් වෙන්න ඇති කියලා හිතාගෙනයි.
හිතුව වගේම තමන්ගෙ ඇඳේ එහා පැත්තෙ කවුරුත් නැති බව දැක්කම ජිනීගෙ හිත කඩාගෙන වැටුනා...
හිනෙන් හරි ලීසා තමන්ව හොයාගෙන ආව නේද කියලා ජිනීට ගොඩක් සතුටු හිතුනා. ඒත්..... ඒක කවදාවත් ඇත්තට වෙන්නැති වේවී කියල ජිනීට දැනුනා.
කදුළු බිංදු හිමින් හිමින් කම්බුල් තෙමන්න වැඩි වෙලා ගියේ නෑ...
.
.
.
.ඒත් ඒ එක්කම කාමරේට ආව කෙනාව දැක්කම ජිනී ඇදෙන් නැගිටලා කෙලින් උනා..
මේක නං හිනයක්... ඇයි මට මේම දුක් දෙන්නෙ.... ඇයී මේ වගේ හීනම පේන්නෙ...
ජිනී තනියම හිතන්න ගත්තෙ කාමරේ දොර ගාව හිනා වෙලා ඉන්න ලීසා දිහා බලාගෙනයි.
ඒත්.......
.
.
.
.
.
.
ESTÁS LEYENDO
Fated to Love You [Jenlisa]GL 18+ (Complete)
FanficJenlisa [GL 18+ ] sinhala fan fiction. තහනම් ආදරයක පැටලුන ආදරණීය පෙම්වතියන්. - GL - 18+ or 21 + Making love parts are included - not a high school story. - Short Chapters - lisa - top, jinne - bottom If you uncomfortable with, please don't bot...