එදා උදෙන්ම නැගිටපු ජිනී ඇදෙන් බහින්න ගියත් එයාගෙ ඉන වටේට තද වෙලා තිබ්බ අත නිසා එයාට ඒක කරන්න බැරි උනා.
එවෙලෙ දැනුන දේ නිසා ජිනීගෙ ඇස් උඩ ගියා. එයා ශිට් එක අතරින් තමන්ගෙ ඇගට අත තියලා බැලුවමයි තේරුනේ තමන්ගෙ ඇඟේ එක ඇඳුමක් වත් නැති බව.. ඉක්මනට නැගිටපු ජිනී බිම වැටිලා තිබ්බ ටවල් එකත් අර වොෂ්රෑම් එකට දිව්වා..
ඒ කණ්ණාඩියෙන් පේන රූපය දිහා ජිනී බලං හිටියේ බය වෙලා. එයාගෙ මුලු බෙල්ලයි පපුවෙ උඩ හරියයි පුරාම දම් පාට පැල්ලම්.. කෙල්ල එක පාරටම තමන්ගෙ මුලු ඇගම දිහා බැලුවා...
ඊට රෑ වෙච්චි දේවල් එකින් එක ඔලුවට එන්න එයාට මහ වෙලාවක් ගියේ නෑ.තමන් කලේ වරදක්ද... එයා ඒකට අකමැතිද.... ලීසා ඇයී ඒම කලේ... මොකක්ද දැං කරන්නෙ... ඒ ඔක්කොම ප්රශ්න ඔලුවෙ කෑ ගහන්න ගද්දි ඉක්මනට වොශ් එකක් දාගත්ත ජිනී යුනි යන්න ඇදුමකුත් ඇඳගෙන පහලට ආවා..
ලීසාටත් එක්ක රාමොන් දෙකක් හැදුව ජිනී ඒක මේසෙන් තියලා සෝෆාවට වෙලා ලීසා එනකං බලාගෙන හිටියා.
ලීසා ඇදුමක් ඒම ඇඳගෙන පහලට ආවත් ජිනීව දැක්කම ඔලුව බිමට නවා ගත්තා..
එයා දන්නව එයා කලේ වරදක් කියලා.ලොකු හුස්මක් ගත්ත ලීසා ගිහින් ජිනී ඉදගෙන ඉන්න සෝෆා එක ඉස්සරහෙන් හිට ගත්තා..
ජිනී බිම බලං. ලීසා ජිනී දිහා බලං.
" ම්... ජීන්......"
ලීසාට කියන්න හම්බ උනේ එච්චරයි... ඇස් වල කදුලු පුරවං හිටිය ජිනී එක පාරටම නැගිටලා ලීසාගෙ තොල් සිපගන්න ගත්තා.
ලීසාත් ජිනිව තමන්ට තුරුලු කරගත්තා... ජිනීගෙ ඇස් වලින් වැටෙන කදුළු ලීසාගෙ කම්මුලත් තෙත් කරන්න ගත්ත නිසා හාදුව නතර කරපු ලීසා ජිනීව උරහිස් වලින් අල්ලලා තමන්ගෙ ඉස්සරහට කලා.
" අනේ ඔන්නි.. මාව දාලා යන්න එපා.... මං.. මට.. මට කියන්න දෙයක් තියෙනවා.... ඔන්නි... ඔන්නි මම ඔයාට... මං ඔයාට ආදරෙයි....ගොඩක් ආදරෙයි..." ජිනී අඬන වේගෙ තවත් වැඩි වෙද්දි වචන කලා. ඒත් ඒ මොහොතෙදීම ලීසා ජිනීව තමන්ගෙ පපුවට තද කරගත්තා..
හයියෙන් ගැහෙන ජිනීගෙ හදගැස්ස ලීසාට දැනුනා..
තව ටිකක් ජිනීව තමන්ට තුරුලු කරගත්ත ලීසා හිමින් ඒ ඔලුව අත ගාලා නලලට හාදුවක් දුන්නා..
.
.
.
.
.
.
.
.දෙන්නම කෑම කන්න ආවත් ලීසා ජිනීව ඇදලා අරගෙන තමන්ගෙ ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා....
" ම්.... මොකෝ ඕම බලන්නෙ..." ජිනී පුදුමෙන් තමන් දිහා බලන් ඉන්න හැටි දැක්කම ලීසා ජිනීගෙ කම්මුලකින් අදින ගමන් ඇහුවා..
ජිනී ලීසාට කෑම කැව්වා. එයත් කෑවා... දෙන්නම ගොඩක් හිනා උනා... ඊට පස්සේ ලීසාගෙ කාර් එකේම දෙන්නා යුනි එකට ආවා.
මේ වෙනකොට යුනිවර්සිටි එකේ මේ දෙන්නා ගැන පොඩි පොඩි කට කතා පැතිරෙන්න අරගෙන තිබ්බා.. ඉතිං දෙන්නා එකට යුනි එනවා දැක්කම හැමෝම ඒවා ඇත්ත වෙන්නැති කියල හිතන්න පටං ගත්තා.
.
.
.
.
.
.
.
.දවස් දෙකක් ඒ විදියට ගෙව්නා.... ලීසා ජිනී එක්කමයි කාලෙ ගත කලේ... ලීසා එක දවසක් ගෙදර ගියා... එදා රෝස් එක්ක එයා රණ්ඩු උනා.. වෙන හේතුවකට නෙවෙයි.. ඒ එවෙලෙත් රෝස් තව පිරිමි ළමයි දෙන්නෙක් එක්ක ගෙදර හිටිය නිසා..
වෙන කිසිම දෙයක් නොකියපු ලීසා ඒ දේට විතරක් රෝස්ට බැන්නා.. ඒ ඉන්නෙ එයාගෙ ඔෆිස් එකේ වැඩකට ආපු දෙන්නෙක් කියලා කොච්චර කියන්න උත්සාහ කලත් මේ වෙනකොට ලිසා, රෝස් කරන හැමදේම වැරදි වගේ දකින්න පටං අරං...
.
.
.
.
.
.
.
.
." මිස්. ලලීසා... කරුණාකරලා ඔෆිස් එකට එන්න පුළුවන් ද..." ලීසා ස්ටාෆ් රෑම් එකේ ඉදං ඉද්දි යුනිවර්සිටි හෙඩ් මැඩම් ඇවිත් කියලා ගියා.
ඉතින් ලීසාත් ඒ පස්සෙන් ගියා. එයාට නිකමට වගේ වෙන දේ තේරුම් ගියා...
ඒත් හිතුව දේ නෙවෙයි...... ඔෆිස් එකේ ඉන්න කෙනාව දැක්කම ලීසා ගෙ ඇස් උඩ ගියා.." රෝස්....... " ලීසා පුදුමෙන් ඇහුවෙ හෙඩ්ගෙ රෑම් එකේ ඉදං ඉන්න රෝස්ව දැකලයි.
.
.
.
.
.
.
.
.
.
ESTÁS LEYENDO
Fated to Love You [Jenlisa]GL 18+ (Complete)
FanficJenlisa [GL 18+ ] sinhala fan fiction. තහනම් ආදරයක පැටලුන ආදරණීය පෙම්වතියන්. - GL - 18+ or 21 + Making love parts are included - not a high school story. - Short Chapters - lisa - top, jinne - bottom If you uncomfortable with, please don't bot...