ලීසා උදේම ඇහැරිලා වටපිට බැලුවෙ ඇඳේ අනිත් පැත්ත හිස් නිසයි.
නිදිමතේම ඇස් දෙකත් කස කස නයිට් ඩ්‍රෙස් එක පිටින්ම කාමරෙන් එලියට ආව ලිසා හෙව්වෙ වෙන කෙනෙක් ව නෙවෙයි. තමන්ගෙ පෙම්වතිය රෝස් ව.
" ආ.. බබා.. ඔයා නැගිට්ටද....." එක පාරටම ලීසාගෙ පිටිපස්සෙන් එතුන අත් දෙක තව ටිකක් බඩ වටේ තද වෙන ගමන් ඇහුවා..
රෝස් හැමදාම වගේ ලීසාගෙ පිටිපස්සෙන් බදාගෙන කම්මුලට පුංචි පෙක් එකක් දිලා ඈත් උනා..
දැනටමත් ජොබ් එකට යන්න ලෑස්ති වෙලා හිටිය රෝස් කඩන් හැලෙන්න දාලා තිබ්බ කොන්ඩෙත් ගස්ස ගස්ස කිචන් එකට ගියා.
" රෝස්.... බබා ඔයාගෙ ඇදුම කොට වැඩි නැද්ද.. ආ..." ලීසාත් කිචන් එකට ගිහින් පැන්ට්‍රි එක උඩට නැගලා ඉද ගන්න ගමන් රෝස් ගෙන් ඇහුවා.
"යා... ලී.... මොකක්ද අනේ.... ඔච්චර බය වෙන්න එපා... මං ඔයාගෙ තමයි..."
රොස් අතේ තියං හිටිය සැන්ඩ්විච් ප්ලේට් එක ආයේම පැන්ට්‍රි එක උඩින් තියන ගමන් ලිසාගෙ ලගට ආවා.ලීසාගෙ කකුල් දෙක අතරට ඇවිත් හිට ගත්ත රෝස් ලිසාගෙ නහය ටිකක් ඉස්සරහට ඇද්දා..
"ආව් ..." ලීසා ඒම කියන ගමන් රෝස්ගෙ අත අහක් කලා..
" ම්... මංනෙ ඉතින්... ඇයි.." රෝස් තොල් කනපිට හරවමින් හුරතල් වෙන්න උත්සාහ කලා.
ඒත් හැමවෙලාවෙම රෝස් වුවමනාවෙන්ම ඒ විදියට හුරතල් කෙනෙක් වෙන්න හදන එකට ලිසා එච්චර ආස උනේ නෑ.
රෝස් ඇත්තටම ගොඩක් සංකීර්ණ විදිහට හිතන, දක්ශ කෙනෙක්.. ඒ වගේම එයා ලීසාට ආදරෙයි.
ඔව්... ඒම හිතමුකෝ... ඒත් එයාට ලීසා එක්ක පුංචි ලමයෙක් වගේ හුරතල් වෙන්න පුළුවන් උනේ නෑ..
.
.
.
.
.
.
.පුරුදු විදිහට ලීසාගෙ කාර් එක ගෙදර තියලා දෙන්නම රෝස් ගෙ එකේ වැඩට යන්න පිටත් උනා.
ලීසා හැමදාම වගේ ට්‍රව්සර් එකක් ඇදලා සුදුපාට බ්ලව්ස් එක යටකරලා හිටියේ මුලු යුනිවර්සිටි එකේම ලමයි දෙපාරක් හැරිලා බලන තරං ලස්සනක් ඇති කරමිනුයි.
විනාඩි පහලවක් විතර යනකොට රෝස්ගෙ කාර් එක ලීසාගෙ යුනිවර්සිටි එක ගාව නතර කලා..
"ම්...." රෝස් ෆෝන් එකට එබිලා හිටිය ලීසාට තට්ටුවක් දැම්මෙ යුනිවර්සිටි එකට ආවා කියලා කියන්නයි.
" ඔ.. අනේ සොරි රෝස්......." ලීසා ඉක්මනට ෆෝන් එක බෑග් එකට දා ගන්න ගමන් රෝස් ගෙ කම්මුලටත් කිස් එකක් දිලා ඉක්මනට බැහැලා යුනිවර්සිටි එක ඇතුලට ඇවිදං ගියා.
ටිකක් වෙලා ඔහේ ඒ දිහා බලං හිටිය රෝස් ආයේම වාහනේ ස්ටාට් කරගෙන කම්පැනි එකට යන්න පිටත් උනා.
රෝස් තමයි ලීසාට ඒක පුරුදු කලේ.. ඉස්සර ඔහේ අත වනලා බැහලා යන ලීසා, රෝස්ට පෙක් එකක් දිලා යන්න කියන පුරුද්ද පවා රෝස් එයාට පුරුදු කරපු එකක්.
.
.
.
.
.
.
.
.
.
.
.💗✨To be continued ~~
ESTÁS LEYENDO
Fated to Love You [Jenlisa]GL 18+ (Complete)
FanficJenlisa [GL 18+ ] sinhala fan fiction. තහනම් ආදරයක පැටලුන ආදරණීය පෙම්වතියන්. - GL - 18+ or 21 + Making love parts are included - not a high school story. - Short Chapters - lisa - top, jinne - bottom If you uncomfortable with, please don't bot...