කාල වර්ණ අහස් කුස දෙබැ කරගෙන නිල් පාටට අකුණු දිස්නය දුන්නත් අවට ඉතා නිහඬ විය. නිහඬ පරිසරය ගුප්ත බවකින් හැඩවී තිබුනත් එහි යම් ශෝකීබවක් ගැබ්ව තිබුනා.අඩසඳ වළා අතරින් මතු වී තිබුනත් අඳුර පිටමං නොවී සිටිමට වගබලා සිටියේ පුර්ණ චන්ද්‍රයාට මිස තමා අන් කවරෙකුටත් බිය නොවන බව පෙන්වන අයුරිනි.
අඳුර..ගුප්තබව..ශෝකය.. එකට මුසු වු පරිසරයේ ඈත කෙලවරකින් ඇසුනේ කතකගේ හුස්ම වැටීමකි. බියෙන් තැති ගත්.. කලබලකාරී හද ගැස්මකි.
" තව මඳ දුරයි... කෙසේ හො.. මා යා යුතුයි.. ඔහු නිසැක වශයෙන්ම පැමිණෙනු ඇත.. මගේ කුමරැන්.. මා උදෙසා පැමිණේවි."
කඩතොලු වු දිගු සිහින් කාල වර්ණ සේලයක් හැඳ සිටි තරැණියගේ අවුල් වී විසිරි ගිය කෙස් වැටිය.. දහඩියෙන් පෙඟි ගිය නළලත... පණට බයෙන් දුවන මුවකුගේ මෙන් වේගයෙන් ගැහෙන හද තරැණිය යම් අවපාතයකට වැටී ඇති බවක සේයා කියා පෑවද ඇය තම ආත්මය පිළිබඳ වු විශ්වාසයෙන් තමා වෙතටම තම අරමුණ අවධාරණය කරගනිමින් සෙමින් සෙමින් ඇවිද ගියේ රැධිරය කැටි වී ඇති පාදවලින් ය.
තරැණිය කෙමෙන් කෙමෙන් ෆියෝ කඳු මුදුනට ඇදෙන විට සිග්නස් (Cygnus) රාජධානි මාළිගයෙන් ඇසුනේ බඩු බිඳි දෙදෙරන විට සේවිකාවන් කෑ ගසන හඬත් රතට ඇස් හරවා ගත් බලය හිමි කුමරැගේ කෝපයත් ය.
" කුමරැනි... පාක්.. කරැණාකර සන්සුන් වන්න... මේ කලබල විය යුතු සමයක් නොවේ... !! "
කුමරැගේ සගයා වන ටේයොන් කුමරැවන් එසේ පවසන විටත් ඇහිපිල්ලම් හෝ නොගසා.. තම නහර වලට නිදහස ලබා දී තිබු පාක් කුමරැවන් ටේයොන් වෙතට හෙලු බැල්මෙහිද ගැබ් වුයේ වියරැවකි.
" ඉවත් වනු.. ටේයොන්.. මගේ මඟ හරස් කොට මියදෙනු අකමැත්තෙන් නම්..... ! "
එසේ පැවසු පාක් කුමරැවන් තම මනුශ්‍ය වේශයෙන් ඉවත් ව වෙනස් වී ඔහුගේම කුටියේ වු වීදුරැ ජනේලයෙන් ඉවතට ගියා. සිග්නස් රාජධානියේ දෙදරැම් දෙමින් තිබු නීල වර්ණ අහස් ගැබේ දිස් වන රත්රන් සුදු පැහැ හංස ඡායාව දෙස මදක් බලා සිටි ටේයොන් තම හංස ස්වරූපයට පැමිණ කුමරැ පසුපස හඹා ගියේ මරණය පසෙක තබාය.
YOU ARE READING
LOVE RHYTHM || PJM || COMPLETED
FanfictionIt's the melody of their story... A PJM Fan Fiction. By_Ayo PJM Published :- 2022.04.20 Restarted :- 2023.02.04. End :- 2023.06.09.