මෙඩිකල් ටීම් එකේ අය එයාලගේ වැඩේ ඉවර කරාම ටේයෝන් ජිමින්ව හයිබ් එකේ එයාට වෙන් කරලා තිබුන රෑම් එකට අරන් ගියා. යුන්වා.. සෙමී වගේම මින්ශිත් එයාලා එක්කම රෑම් එකට ඇවිත් හිටියා. බෙඩ් එකේ දිගාවෙලා හිටපු ජිමින් ඇස් පොඩිවට ඇරලා කටත් ඉරක් කරගෙන එයා දිහා බලන් ඉන්න ටේයෝන් දිහා බැලුවා. ටේයෝන්ගෙන් ලැබුන රැවුම නිසා ආයමත් ඉක්මනින්ම එයාගේ ඇස් දෙක තද කරගත්තා.
ජිමින් වෙනුවෙන් හුස්මක් පාත දාපු ටේයෝන් කන්ග් යුන්වා එක්ක කතා කරලා එයාට සමුදුන්නේ ඊළඟ ප්‍රැක්ටිස් ඩේට් එක ගැන ඉන්ෆෝම් කරන්නම් කියලා දැනුවත් කරලයි. අයිස් පැක් එකක් අතට ගත්ත සෙමී ඒක අරගෙන ජිමින් ගාවට යද්දි රෑම් ඩෝ එක ගාව කෙලවරේ ඉදන් මින්ශි ජිමින් දිහා බලන් හිටියා.
" අහ්...යාහ් සෙමී.. සීතලයි...!! "
සෙමී ජිමින්ගේ නළලින් තිබ්බ අයිස් පැක් එක අල්ලගෙන කියද්දි සෙමී ඇස් රෝල් කරලා ඒක තද කරගෙන හිටියා.
" ඔය නළල රතු වෙලා.. කොහෙ හරි වැදිලා ඇති.... දගලන්නැතුව ඉන්නවා.. ජිමින්..! "
සෙමී එහෙම කියද්දි ටේයෝන් ඇවිත් අයිස් පැක් දෙකක් ජිමින්ගේ යටිපතුල්වලින් තද කරා.
" ආාාශ්.... ෆක්..... තමුසෙලට පිස්සු තද වෙලාද... මාව සීතල කරවලා මරන්නද.. යන්නේ...!!! "
ජිමින් කෑ ගහලා අහද්දි ටේයෝන් එයාගේ අතේ තිබ්බ අයිස් පැක් එකක් ජිමින් දිහාවට විසික් කලා.
" මොන මගුලක්ද.. ඕයි... කී පාරක් කියලා තියනවද.. ඕවර් රියසල් යන්නෙපා කියලා.. කීපාරක්.. මේක මෙහෙම උනාද ජිමින්.. තේරෙන්නැද්ද.. මනුස්සයෝ.. නටනවයි කියලා.. මෙහෙමත්.....!!! "
" ටේයෝන්..... ටේයෝන්...... !!! "
රතු පාටට හැරෙන ඇස් එක්ක නහර ඉල්ලුපුන අත් මිටි මොලවගෙන කෑ ගහන ටේයෝන් නැවතුනේ සෙමී එයාට කතා කරපු නිසයි. හයියෙන් ගැඹුරැ හුස්ම කිහිපයක් ගත්ත ටේයෝන් බෙඩ් රෑම් එකේ කෙලවර සෝෆාව ගාවට ගිහින් හිටගත්තා.
" යාාහ්.. ටේ මම මේ හොදින් ඉන්නේ.. මනුස්සයො.. ! "
ජිමින් කියද්දි ටේයෝන් ජිමින් දිහාවට හැරැනා.
YOU ARE READING
LOVE RHYTHM || PJM || COMPLETED
FanfictionIt's the melody of their story... A PJM Fan Fiction. By_Ayo PJM Published :- 2022.04.20 Restarted :- 2023.02.04. End :- 2023.06.09.