Hidden Past in Swan world
එදින සිග්නස්හි කුනාටු වැසි සහිත දිනක් විය. අඳුරැ අහස පුරා නිල් පැහැයෙන් අකුණු රටා ඇදී ගියේ බියජනක ගෙරවුම් හඬත් සමඟමයි. වැසි දියෙහි වුන අධික බව නිසා අවට සියල්ලම අපහැදිලි වී තිබුනා. ඒ රැයෙහි සිග්නස් හි රජ මැඳුර ද කලබලයෙන් පිරි ගොස් තිබුනා.
" උතුමාණනි... කමා... කරනු.. මැන.. රැ... රැජිණිය...ට මදක් අපහසුයි... ඇය ප්‍රසූත වේදනාවින් පෙලුනත්... දරැවා.. තවමත්.."
සේවිකාවක් බියෙන් රජුට පවසන විට රජු වේගයෙන් රැජිනගේ කුටිය වෙතට ඇතුලු වුනා. හෙද සේවිකාවන් තිගැස්සි ගියත් රජු දැක්මෙන් සිහියත් අසිහියත් අතර සිටි රැජිණ රජු වෙතට ඇගේ හස්තය දිගු කලා. වෙහෙසින් දාඩියෙන් හෙම්බත් වී රැජිණය අසළට ගිය රජුන් ඇගේ නළල් තලය මතින් ඔහුගේ නළල් තලය තබා දෑස් වසාගත්තා.
" ඔබට හැකියි... සොදුරිය... මා වෙනුවෙන්... අපගේ දරැවා වෙනුවෙන්.....! "
රජු රැජිණගේ සියුමැලි දෑතක් තරයේ අල්වා ගනිමින් මිමිණුවා. රජුගේ බසට තම හිස සෙලවු රැජිණිය ඇගේ වියලි ගිය දෙතොල් තෙත් කරගැනීමට ගියත් රජුන් ඒ වියලුනු දෙතොල් සිපගත්තා. රජු රැජිණගේ දෑත අත්නොහැරම සිටින විට රැජිණ නැවතත් ඇගේ සිරැරේ ඇති සියලු සවිය ලබාගත්තේ තම ලෙයින් සෑදි ඇති දරැවා දැක ගැනීමේ අධිඨනින්.
රැජිණගේ වෙහෙසත්.. කඳුලු සමඟ වුන කෑගැසීම්වලට පසු සුළු මොහොතකින් දරැවකුගේ හැඩුම් හඬින් මුලු කුටියම පිරි ගියා. රජුගේ මෙන්ම රැජිණියගේ දෑස් තුටින් පිරි යන්නට ගියා. ඉක්මනින් පිරිසිදු කල බිළින්දා සේවිකාවන් විසින් රජුගේ දෝත මතින් තැබුවා.
" කුමරෙක්.......! "
රජුන් බිළින්දාව රැජිණ සමීපයෙන් තැබුවා. බිළින්දාගේ කුඩා දෑත් ස්පර්ශ කල නිමේශයේම ඔහුගේ හංස ස්වරෑපය රැජිණියට දැනුනා. එයයි හසඟනකගේ මාතෘත්වයේ බැඳීම.
" ශ්වේත වර්ණ කුමරෙක්..."
" ජි..මින්....."
" පාක් ජිමින්..."
රැජිණිය කුමරැන්ගේ නාමය මිමිණු විට රජු ඔහුගේ නාමය සම්පූර්ණ කලා. රැජිණිය තම සිරැරෙහි වු අපහසුව නොතකමින් ඇගේ පියයරැ කුඩා බිළින්දාගේ මුව තුළට ළං කලා. නමුත් මොහොතකට පසු ඇගේ මුවින් වේදනාත්මක හඬක් පිටවුනේ රජු මෙන්ම හෙද සේවිකාවනුත් කලඹමිනුයි.
YOU ARE READING
LOVE RHYTHM || PJM || COMPLETED
FanfictionIt's the melody of their story... A PJM Fan Fiction. By_Ayo PJM Published :- 2022.04.20 Restarted :- 2023.02.04. End :- 2023.06.09.