Rhythm Part 19

192 45 14
                                    

ඩ්‍රෙසින් රෑම් එකෙන් එළියට ආපු මින්ශි ටිකකට එහෙම්ම නතර වුනේ එයාගේ අත්වලට දැනුන තෙත ගතිය නිසයි. ජිමින් පැත්තට හැරැනු මින්ශිට දකින්න ලැබුණේ එයා අල්ලගෙන ඉන්න ජිමින්ගේ වම් අතෙන් ලේ ගලාගෙන යන විදියයි.

" ගෝඩ්.... ජිමින්ශි..ඔයා බ්ලීඩ් වෙනවා..."

කලබල වුන මින්ශි කිව්වත් ජිමින් හිටියේ ඒ ගැන කිසිම වදවීමකින් තොරවයි. මින්ශි එයා⁣⁣ගේ අත පරිස්සමින් එහා මෙහා කරලා බලන දිහා ජිමින් හිනාවක් එක්ක බලන් හිටියා.


" දෙයියනේ ජිමින්ශි... ඔයාට අසනීපයක්ද.. කිසිම රිඇක්ට් එකක් නැතුව ඔහොම හිනාවෙවි බලන් ඉන්නේ... අහහ... ටේයෝන්ග්.. ටේයෝන්ශිට කතා කරන්න ඕන.... ඒත් ඊට කලින්.. ම්ම... එන්නකො ඔයා මෙතනින් ඉදගන්න... මම ෆස්ට් ඒඩ් බෝක්ස් එකක් හොයන් එන්නම්..."

කොරිඩෝව කෙලවරේ තිබුන පුටු දිහාවට ජිමින්ව ඇදගෙන යමන් මින්ශි කියද්දි ජිමින් මින්ශිව නතර කරගත්තා.

" ශ්ශහහ.... කාම් ඩවුන් ඩිටෙක්ටිව්..... මේක එච්චර ලොකු අවුලක් නැ... වීදුරැවකට චුට්ටක් කැපිලා විතරයි... දැන් මේකට ෆස්ට් ඒඩ් බෝක්ස් හොය හොය ඉන්න ඕනේ නැහැ අපි කරන්න ආපු වැඩේ කරමු.. මුලින්ම.. මගේ අතේ තියන පුංචි තුවාලෙට වඩා වැදගත් දේවල් මෙතන ඕන තරම් තියනවා නේ....හ්..."

ජිමින් කියද්දි මින්ශි නිහඬව එයා දිහා බලන් හිටියා. ඒත් ඊළඟ තත්පරේදි මින්ශි ජිමින්ව ළඟ තිබුනු පුටුවෙන් වාඩි කරවලා එයාගේ කලිසම් සාක්කුවේ තිබුන ලා නිල් පාටට හුරැ පොඩි ලේන්සුව අතට ගත්තා.

ජිමින් බලන් ඉද්දිම මින්ශි හරිම පරිස්සමින් ජිමින්ගේ අල්ල වටේට රෙදි කඩ බැන්දා. ජිමින්ගේ ඇස්වල අමුත්තක් මින්ශිට මුල ඉදන්ම දැනුනත් එයා ඒක අමතක කරා. ඇත්තටම මේ වෙලාවේ ඒ දේවල් වලට වඩා හිතන්න දේවල් එයාලට තිබුනා.

" හරි ජිමින්ශි... අපි දැන් යමු... මිස්ටර් ටේමින්ගේ මිසින් කේස් එකට ඕන කරන දේවල් ඔයාගෙන් එයාලා ප්‍රශ්න කරයි.. ටේයෝන්ශිත් එතන ඉදිවි.. හුඟක් දුරට ජොන්කුක් එතනට එයි... මමත් විට්නස් කෙනෙක් නිසා.. මට මේ දේවල්වලට වැඩිපුර ඇඟිලි ගහන්න බැ.. "

LOVE RHYTHM || PJM || COMPLETEDحيث تعيش القصص. اكتشف الآن