Rhythm Part 32

172 45 79
                                    

ඔඩිටේරියම් එකෙන් එළියට ආපු මින්ශි මදක් අඳුරැ කොරිඩෝවකින් නැවතුණා. බිත්තියට වාරැ වුන මින්ශි කලබල වුන එයාගේ හිතත් ඔලුවත් සන්සුන් කරගන්න අසීරැ උත්සහයක් ගත්තා. එයා ආයමත් එයාගේ ෆෝන් එකට ඇවිත් තිබුන මේල් එක ඕපන් කලා. රිපෝට් එකේ තිබුනේ ඩීඑන්ඒ ටෙස්ට් එකක රිසල්ට්.

මින්ශි ලැබ් එකට යැව්වේ එයා එකතු කරගත්තු කලු හංස පිහාටුවක්... මුලින්ම ජිමින්ගෙන් ගත්තු කෙස් ගස් කිහිපයක් වගේම ටේයෝන්ගෙන් ඉල්ලගත්තු කෙස් ගස් කිහිපයක්. මින්ශි දැනගෙන හිටියේ නැහැ ජිමින්ගේ කෙස් ගස් එයා ගාව තිබුනත් එයා අලුතින්ම ආයම ටේයෝන්ට කියලා ඒවා ගත්තේ ඇයි කියලා. එයාගේ හිත එහෙම කරන්න එයාට බල කලා. කලින් ජිමින්ගේ කොන්ඩේ ඩාක් බ්‍රවුන්.. දැන් බ්ලැක්... ඒක හොඳ හේතුවකුත් නෙමෙයි. හිනාවෙන්න පුලුවන් විහිලුසහගත දෙයක්. ඒකෙන් අන්තිමට සිද්ධ වෙලා තිබුනේ එයාට දරාගන්න අපහසු යමක්.

ජිමින්ගේ කලු පාට කෙස් ගස්වල ඩීඑන්ඒ සාම්පල කලු හංස පිහාටුවලට සමානතාවයක් දක්වලා තිබුනා.

ඊටත් වඩා ජිමින්ගේ කලු පාට කෙස් ගස්වල ඩීඑන්ඒ සාම්පල එයාගේම ඩාක් බ්‍රවුන් කෙස් ගස්වල ඩීඑන්ඒ සාම්පල වලට ගැලපිලා තිබු⁣නා 100% ක්ම.

ඒක එහෙම වෙන්න ඕන තමා ඒත් එතන තිබුන විශේෂය වුනේ පුංචි කොලම් එකක ඒ ඩීඑන්ඒ සාම්පල දෙක අතර තිබුන වෙනසක් ගැන සඳහන් වෙලා තිබුනා. මින්ශි එයාගේ උගුර හිරකරවපු ඒ පේළිය දිහා බලන් හිටියා.

The twins were a 100% match according to the DNA samples.





" ට්....ට්වින්....! කෙනෙක්... ජි...මින්ට...? "

මින්ශි එයාගේ නළල තදින් මිරික ගත්තා. එයාගේ හිතට කරන්න ඕන දෙයක් ගැන තේරැනේ නැහැ. ගැඹුරැ හුස්ම කිහිපයක් ගත්ත මින්ශි ටිකක් සන්සුන් වුනා.

" මම එයාව හම්බෙන්න ඕන.. මුලින්ම..."

මින්ශි එයාගේ බයික් එක දිහාවට ඇවිදගෙන ගියා. විනාඩි කිහිපයකින් ජිමින්ගේ අපාට්මන්ට් එකට ආව මින්ශි පාස්වර්ඩ් එක ගහලා ඇතුළට ගියා. අපාට්මන්ට් එක ඇතුළේ තරමක ගුප්ත බවක් රැදිලා තිබුනා. අපාට්මන්ට් එකට ආව කිසිම දවසක මින්ශිට ඒ අමුතු හැඟීම දැනිලා තිබුනේ නැහැ. පිළිවෙලින් අපාට්මන්ට් එක පුරා ඇවිද්ද මින්ශි අන්තිමට ඇතු⁣ලු වුනේ ජිමින්ගේ රෑම් එකට.

LOVE RHYTHM || PJM || COMPLETEDOpowieści tętniące życiem. Odkryj je teraz