Rhythm Part 22

181 47 36
                                    

ඇදහැලුනු වැස්සටත් වඩා වැඩි වේගයකින් මින්ශි එයාගේ බයික් එක අරගෙන ආවා. ඒ නිසාම විනාඩි කිහිපයකින් තමන්ගේ අපාට්මන්ට් එකට එන්න එයාට පුලුවන් වුනා. මින්ශිට මතක තිබුණෙ නැහැ එයා කොහොමද අපාට්මන්ට් එකට ආවේ කියන එකවත්. අපාට්මන්ට් එක ඇතුළට නොගිය මින්ශි එතනම තිබුනු පඩිපෙළකට බර වුනා.  ඉදගත්තු මින්ශි බලන් ඉද්දිම වැස්ස කලින්ට වඩා තදින් ඇදහැලෙන්න පටන් ගත්තා. තත්පර කිහිපයකින් මින්ශිගේ අත ගියේ එයාගේ තොල් දිහාවට.

' ජි..මින්..... මොනවද.. මේ කරන්නේ...? ' තවමත් ඒ උණුසුම.. ස්පර්ශය.. රැදිලා තියනවා වගේ දැනෙන දෙතොල් පිරිමදින ගමන් මින්ශි හිතුවා.

මින්ශි හිටියේ අවුල්ජාලවක වුනත් එයාට තේරැනා එයාගේ හදවත හරිම නොසන්සුන් විදියට තාමත් ගැහෙන බව. ඒකට හේතුව ජිමින් කියන්නත් දැනගෙන හිටියත්.... ජිමින් නිසා මෙහෙම වෙන්නේ ඇයි කියන එක ගැන මින්ශි දැනගෙන හිටියේ නැහැ.

විනාඩි කිහිපයක්ම එතනම හිටියට පස්සෙයි මින්ශි අපාට්මන්ට් එක ඇතුළට ගියේ. පැයක විතර හොට් වෝටර් බාත් එකකට පස්සේ සැහැල්ලු ඇදුමකින්ම සැරසිලයි මින්ශි එයාගේ බෙඩ් එකට ආවේ. ඒත් පැය ගානක්ම යනකල් නින්ද මින්ශි ගාවට ආවේ නැති නිසා බෙඩ් එකේ එහා මෙහා වෙන ගමන් ඒ පැය ගානම එයාගේ තොල් එක්කම හිතත් හිරිවට්ටලා දාපු ජිමින් ගැන හිත හිත ඉන්න මින්ශිට සිද්ධ වුනා. ඒ දේට මින්ශිව ඉඹේම පෙළඹුනා.


********************************





පහුවෙනිදා උදේ ජිමින් ඇහැරැනේ සිරැරට දැනුන යම් අපහසුවකුත් එක්කමයි. නැගිටලා විනාඩියකට විතර පස්සේ හිමින් ඇස් දෙක ඇරගත්තු ජිමින් එයාගේ සුවපහසු බෙඩ් එකෙන් ඉදගෙන එයාගේ කොන්ඩේ අතින් එහා මෙහා කරන ගමන් හිටියා. ඊට තත්පර ගානකට පස්සේ ජිමින්ට මතක් උනා... වුනු දේවල්.... එයා හිතාමතාම කරපු දේවල් ටික.

හිනාවක් එක්කම ජිමින් ආයමත් බෙඩ් එකට වැටුණේ ⁣කොට්ටෙකුත් තුරැල් කරගෙනමයි.

ඊයේ එයා ක්ලබ් එකට ගියේ මින්ශිව එතනට ගෙන්න ගන්න තිබුනු උවමනාව නිසාමයි. හිතුව විදියටම ඒ දේ සිද්ධ වුනත් මින්ශිගේ ඇස් එයා⁣ ගාව නතර නොවෙන නිසා ජිමින් හිටියේ නොරිස්සුමකින්. පෝල් ඩාන්සර්ස්ලාට පිටිපස්සෙන් තිබුනු වීදුරැවෙන් මින්ශිගේ රෑපය බොදවෙලා වුනත් ජිමින්ට පෙනුනා. මොකද කොතනින් හරි පරාවර්තනය වෙලා බාර් කවුන්ටර් එක එතනට පෙනුනා. ගත වුනු ඒ පැය තුන හතර පුරාවටම ජිමින්ගේ ඇස් රැඳිලා තිබුනේ මින්ශි ගාව. ඒත් එයා දිහාවට යොමු නොවෙන ඒ අලු පාට ඇස් නිසා ජිමින් හිටියේ නොසන්සුන්කමකින්. ඒ නිසාම විස්කි වීදුරැ හතක් අටක් එයාට පෙවුනත් මත් වෙලා සිහිය නැති කරගන්න තරම් ජිමින්ට ඒක හේතුවක් වුනේ නැහැ. මොකද පාක් ජිමින් කියන්නේ හොඳ ලිකර් ටොලරන්ස් එකක් තියන කෙනෙක්.

LOVE RHYTHM || PJM || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora