ජිමින්ගේ අපාට්මන්ට් එකේ කිචන් එක කාර්‍යබහුල වෙලා තිබුනේ ටේයෝන් නිසයි. කලු පාට ශෝටකට ක්‍රිම් පාට බැගි ටී එකක් ඇදගෙන හිටපු ටේයෝන් හිටියේ එයාලා වෙනුවෙන් ලන්ච් එක රෙඩි කරන ගමන්. ටේයෝන් එයාගේ කැරලි ගැහුනු දුඹුරැ පාට කොන්ඩේ මූණට වැටෙන එක නවත්තගන්න රැලි තිබුන හෙයා බෑන්ඩ් එකක් යූස් කරලා තිබුනා.
එයා අතින් හැදුනු කිම්චි රයිස් එකක් වගේම ක්‍රිස්පි චිකන් ඩෙවල් එකක් ලිප මත උණුසුම් වෙමින් තිබුනා. ඒ අතරතුරේ ටේයෝන් සැලඩ් එක හැදුවේ එයා ආසම පැරණි ඇමරිකන් පොප් ගීතයකුත් මුමුණන ගමන්.
" ටේයොනාාාාආාා............ මෙහෙ එනවාකො....... "
ජිමින්ගේ හඬ ඇහෙද්දි ටේයෝන් කටත් ඉරක් කරගෙන ලිප වහලා දැම්මා. ජිමින් මේ ටේයෝන්ව හොයන කී වෙනි පාරද කියලවත් එයාට මතක තිබුනේ නෑ. උයන අතරතුරේ ටේයෝන් දහ පාරකටත් වැඩියෙන් උඩට පහළට ගිහින් ඇති. ටේයෝන් ආයමත් උඩට ගියේ ජිමින් මේ කතා කරන එක එයා එනකල්ම නවත්තන්නැති බව දන්න නිසයි.
" මොකද ඒ පාර....... ඇගේ තියන මොනා හරි ගැලවිලා වැටුනාද..? "
ටේයෝන් කියද්දි ජිමින් ඇස් හීනි කරලා අමුතුවට හිනාවුනා. ඒ හිනාව හොදින්ම අදුරන ටේයෝන් ඇහිබැමක් උස්සලා එයා දිහා බලන් හිටියා.
" කන්න මුකුත් නෑ..බඩගිනි හලෝව්..."
" නිදාගෙන හරි මහන්සි ඇති නේහ්.. දිවා බෝජනය රෑම් එකටම ඕනේ නේද.. කුමරැනි...... "
ටේයෝන් හරිම ඩ්‍රැමටික් විදියට කියද්දි ජිමින් හිනාවෙන ගමන් බෙඩ් එකේ ඉදගත්තා. ටේයෝන් එයාගේ ඇක්ට් එක නතර කලේ ජිමින් එයාගේ දකුණු අතේ සුළැගිල්ල පෙන්නපු නිසයි. බෙඩ් එක ගාවට ආපු ටේයෝන් එයාගේ වම් අතේ සුළැගිල්ල ජිමින්ගේ අත ගාවට කරලා හිනාවුනේ ජිමින් එපා වුන මුණක් හදාගනිද්දි.
" ම්මම...ඉන්ච් එකක්වත් වැඩි වෙලා නෑ... බන්......... "
" මට නැගිට ගන්න පුලුවන් උනානම්.. ඇත්තමයි මම........ "
ජිමින් කියවද්දි ටේයෝන් ආමාරැවෙන් එයාගේ හිනාව නවත්තගෙන ජිමින්ව නැගිට්ටුවේ වොශ්රෑම් එකට යන්න ජිමින්ට උදව් කරන අදහසින්. දන්න කාලේ ඉදන්ම ටේයෝන් ආස කලා ජිමින්ගේ පුංචි ඇඟිල්ල අල්ලගෙන එයා එක්ක බොරැ රණ්ඩු ඇති කරගන්න.
YOU ARE READING
LOVE RHYTHM || PJM || COMPLETED
FanfictionIt's the melody of their story... A PJM Fan Fiction. By_Ayo PJM Published :- 2022.04.20 Restarted :- 2023.02.04. End :- 2023.06.09.