Rhythm Part 27

206 46 91
                                    

මින්ශි එයාගේ ඇස් ඇරියේ සිරැරට දැනුන යම් අපහසුවක් එක්කමයි. නමුත් ඒ අපහසුව යටපත් කරන්න තරමේ උණුසුමක් එයාට දැනුනා. එයා හිටියේ ජිමින්ගේ උණුසුමට ගුලිවෙලයි. ජිමින් හිටියේ මින්ශිගේ නිරැවත් පපුවට ඔලුව හිරකරගෙන. ජිමින්ගේ උණුසුම් සුසුම් නිසා මින්ශිට දැනුනා සුවපහසු හැඟීමක්. මුණට ආපු හිනාව එක්ක එයා ජිමින්ගේ අවුල් වෙලා තිබුනු හේසල් නට් පාට කොන්ඩේ පුරාවට හිමින් ඇඟිලි අරගෙන ගියා.

ඊට තත්පර කිහිපයකට පස්සේ ජිමින්ගේ තොල් හිතාමතාම එයාගේ හම මත ආයමත් යනවා කියලා මින්ශිට තේරැනා. බෙල්ල ගාව ඉදන් පුංචි පුංචි වෙට් කිස් තියන ගමන් ජිමින්ගේ තොල් මින්ශිගේ නිපල්ස් දිහාවට ඇදෙද්දි මින්ශි ජිමින්ව එයාගෙන් අහකට කලා.

" යාාහ්....... එහාට යනවා... "

මින්ශි කෑ ගහද්දි ජිමින් ඇස් පුංචි කරගෙන හිනාවෙවි බෙඩ් එකට පෙරළුනා. ඩුවට් එක බෙල්ල ගාවටම අරගෙන තමන්වම වහගන්න මින්ශි දිහා ජිමින් බලන් හිටියේ වැලමිට ගාවින් බෙඩ් එකට තද වුන අතකට ඔලුව හිරකරගෙනයි. ජිමින්ගේ හිතේ තිබුනු සතුට එයාගේ ඇස්වලටම යාවෙලා තියෙද්දි මින්ශිටත් එයාගේ හිනාව හංගගන්න උවමනාවක් තිබුනේ නැහැ.

" ගුඩ්මෝනින්.. ඩිටෙක්ටිව්..."

මින්ශිගේ තොල්වලට පහත් වෙලා හාදුවක් තියන ගමන් ජිමින් කිව්වා.

" හ්හහ... ඊයේ නම් කොහොමද.. ලව් කිය කිය.. මෙතන.. "

" ඔයා කැමති නේ.. මම ලව් කියනවට.."

මින්ශිගේ බඳ වටේට අත් යවන ගමන් එයාව තවත් තමන් දිහාවට ළං කරගන්න ගමන් ජිමින් කිව්වා. මින්ශි ඒ උණුසුමට ගුලි වුනේ හරිම ඉක්මනට. ජිමින්ගේ උණුසුමට.. ඒ හැඟීම් හිරකරවන හඬට.... පුංචි පුංචි සමනල හාදුවලට දැනටමත් මින්ශි ලෝබ වෙලයි හිටියේ. ඇරත් උදේට ඇහැරුනු ගමන්ම ඇහෙන ජිමින්ගේ හඬ කියන්නේ වචනෙන් විස්තර කරන්න බැරිතරම් ආදරණීය දෙයක්.

විනාඩි කිහිපයකට පස්සේ ජිමින්ගෙන් මිදුණු මින්ශි ඩුවට් එකත් ඇඟ වටේට දවටගෙන බෙඩ් එකෙන් බහින්න ලෑස්ති වුනා.

" වොහ්..වොහ්.. ඔහොම ඉන්නවා.. ඇදගෙන වැටෙයි.."

මින්ශි ජිමින්ගේ මතට දාපු කොට්ට ටිකත් එහාට කරගෙන ජිමින් කලබලෙන් නැගිට්ටත් මින්ශි කිසිම අපහසුවක් නැතුව හිටගත්තා.

LOVE RHYTHM || PJM || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora