Rhythm Part 04

201 56 7
                                    


අහස කෙලවර ධූලි වළා තීරයකින් චන්ද්‍රයා එබි සිටියත් දසත පැතිර තිබුනේ අන්ධකාරයකි. නිසාචරයින්ගේ අල්ලාප සල්ලාපයන් නොතිබෙන්නට මුලු කඳු පන්තියම නිහඬ අදුරකම ගිලෙන්නට තිබිනි. ජිමින් ද එහි සෙවනැල්ලක් බදුව ඇවිද ගියේ හිතේ වු නොසන්සුන් බව නිසයි.

ඔහු බොහෝ දුරක් මාළිගයෙන් ඉවතට පැමිණ තිබෙන වග ඔහුටම වැටහුනේ කඳුපන්ති මායිම දිස්වුන නිසයි. මද හුස්මක් ගත් ඔහු නැවත හැරි යන්නට පටන් ගත්තත් එකෙනෙහිම සවන් වැකුනු සියුම් තනුවත් හඬත් ඔහුට බාධාවක් උනා.

කුතුහලය නිසාම ජිමින් ඒ දෙසට ඇවිද ගියා. ඔහුට විටින් විට පසුපසින් යම් ගුප්ත අඳුරැ ස්පර්ශයක් දැනුනත් ඒ තනුවේත් හඬේත් වු ආකර්ශනය නිසා ඔහු එය පසෙකලා ඉදිරියට ඇදුනා. චකිතය විසින් ඔහුව වෙලා ගත්තද එකෙනෙහි ඔහුගේ දෑස් මායිමේ තිබුන දසුන ඔහුව වික්ෂිප්ත ලෙසින් සිරකර තිබුනා.

" කා....ල වර්ණය.......!! "





°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°











" ආාාාශ්.... දිස් ෆකින් ඩ්‍රීම්.......!!!! "

ජිමින් එයාගේ සුවපහසු බෙඩ් එකේ ඉදගත්තේ එයාගෙම කොන්ඩේත් තදින් ඇදගෙනමයි. අඩ අදුරට හැරිලා තිබුන රෑම් එක පුරා ඇස් ගෙනයපු ජිමින් බෙඩ් ස්ටූල් එක ළඟ තිබුන එයාගේ ෆෝන් එක අරගත්තා. වෙලාව පාන්දර තුනයි ගානක් සටහන් වෙලා තියෙද්දි එයා තදින්ම හුස්මක් පහත ඇරියා.

" නිදාගන්න තියන දවසට නිදාගන්න බෑ... නිදිමත දවසට නිදාගන්න විදියක් නෑ... වට් අ ෆකින් ලයිෆ්......!!! "

ජිමින් බෙඩ් එකෙන් බැහැලා එයාගේ රෑම් එකේ කෙලවරක තිබුන මිනි බාර් එක පැත්තට ඇවිදන් ගියා. ග්ලාස් වින්ඩෝස්වලින් ගලාගෙන ආපු හද එළිය නිසා ජිමින්ගේ නෙවර්මයින්ඩ් ටැටු එක කැපිලා පෙනුනා. නෙක් ඒරියා එකේ තිබුන මූන් ටැටු එකෙන් පහළට ඇදිලා ගියපු එයාගේ ශේප් ලයින් එක වගේම පපුව හරියෙන් පිම්බිලා තිබුන චීස් පාට ඇබ්ස් හද එළියත් එක්ක ලස්සන සීනරි එකක් මැව්වා.

LOVE RHYTHM || PJM || COMPLETEDWhere stories live. Discover now