ප්‍රැක්ටිස් රෑම් එකෙන් එළියට ආපු මින්ශි හයිබ් එකෙන් එළියට ආව විදිය ගැන කිසිම මතකයක් එයා ගාව තිබුනේ නැහැ. වේගයෙන් ගැහෙන හදවතක් එක්ක මින්ශි ළඟම නවත්තලා තිබුනු කැබ් එකකට ගොඩවුනා.
" සෝල්.. මේන් පොලිස් ස්ටේශන්.."
රියදුරාට ගමනාන්තය ගැන වචනයක් දුන්නාට පස්සේ හොඳ හුස්මක් ගන්න ගමන් මින්ශි ශිට් එකට හෙත්තු වුනා.
' වන්... ටූ.. ත්‍රී.. ෆෝ........' හිතින් අංක ගනින ගමන් එයාගේ හිත නිදහස් කරගන්න මින්ශි මහන්සි වුනා. අංක පනස් ගානකටත් කිට්ටු වුනාට පස්සේ මින්ශි එයාගේ ඇස් දෙක ඇරියා. පහුවෙන බිල්ඩින් වගේම වාහන දිහා මින්ශි ඔහේ බලන් හිටියා. එයාගේ හිත කලබල වුනත් ජිමින් ගැන නොහිතා මේ වේලාවේ එයා කරන්න ඕන වැඩේට අවධානය දෙන්න මින්ශි තරයේ හිතාගත්තා.
ඊට විනාඩි කිහිපයකට පස්සේ කැබ් එක සෝල් වල මේන් පොලිස් ස්ටේශන් එක ඉස්සරහා නතර වුනා. කැබ් එකට ආදාල ගෙවීම කලාට පස්සේ මින්ශි ඉක්මනින් ඇතුළට ගියා. නම්ජුන්ගේ කැබින් එකට මින්ශි යද්දිත් ජොන්කුක් වගේම නම්ජුන් හිටියේ ෆයිල් කිහිපයක් එකක් ගැඹුරැ සංවාදයක.
" මොකද... උනේ...? "
" ඇයි මම කියපු ඒවා අහන් හිටියේ නැද්ද නුනා...? "
මින්ශි අහද්දි එයාට ජොන්කුක්ගෙන් ලැබුනෙත් උත්තරයක් දීගන්න ආමාරැ ප්‍රශ්නයක්. මුකුත්ම නොකිව්ව මින්ශි ජොන්කුක්ට එහා පැත්තේ තිබුනු පුටුවට බර වුනා.
" කේස් එක ගැන කිසිම දෙයක් හොයාගන්න බැරි වෙලා තියන නිසා මිනිස්ටර්ලා ඉදන් මේකට ඇඟිලි ගහන්න අරන් තියන්නේ දැන්.. මට ඩිරෙක්ටර් ටිකක් තදින් කතා කලා... අපිට විසදන්න බැරි නම්.. ස්පෙශල් ඒජන්ට්ස්ලා දාන්න වෙනවාලු.. ඉන්ටර්පෝල් එකෙනුත් මේක ගැන අහලා මේල් එකක් ප්‍රසිඩන්ට් ඔෆිස් එකට එවලා..."
නම්ජුන් එයාගේ ස්පෙක්ට්ස් ගලවලා දාන ගමන් කිව්වේ ගැඹුරැ හඬකින්.
" මේ මගුල ගැන කිසිම එවිඩන්ට් එකක් නැතුව අපි කොහොමද කේස් එක හැන්ඩ්ල් කරන්නේ..."
ESTÁS LEYENDO
LOVE RHYTHM || PJM || COMPLETED
FanficIt's the melody of their story... A PJM Fan Fiction. By_Ayo PJM Published :- 2022.04.20 Restarted :- 2023.02.04. End :- 2023.06.09.