CHAPTER 07⚖️

438 80 21
                                    

"Jeon Jungkook!!! තමුන් මගේ cabin එකට එනවා මේ දැන් ම!" Jungkook poloce station එකට පැමිණි විගස Jungkook ට තම cabin එකට එන ලෙස අණ කළේය. නිසැක වශයෙන් ම එනපොට හොඳ නැති බව Jungkook දැන සිටියේ වුවද Taehyung ගේ cabin එකට ගොස් ඔහුට මුහුණ දෙනවා හැර වෙන විකල්පයක් ඔහුට ඉතිරිව නොතිබුණි.

"May I come in sir??" වෙදාටත් වඩා ගරු සරු බවක් ආරූඪ කර ගත් Jungkook Taehyung ගේ cabin එකට ඇතුල් වීමට පෙර එහි දොරට සෙමින් තට්ටු කළේය.

"එනවා!!" Taehyung තම සුපුරුදු සැර පරුෂ කටහඬින් ම Jungkook ට ඇතුලට එන ලෙස කීවේය.

"සර් එන්න කිව්වේ??"

"තමුසේ දැන් බබා වෙන්න එපා! මන් දන්නවා තමුසේ තමා ඊයේ අපේ ගෙවල් පැත්තේ ඇවිත් ඒ පැත්තේ පාලු තැන් search කළේ කියලා!!"

"මොන?? මේ මන්??" Jungkook කිසිත් නොදන්න අහිංසක හාවෙකු සේ දෙනෙත ද විසල් කරගෙන එසේ ඇසුවත් Taehyung ඊට රැවටුණ බවක් පෙනුනේ නැත.

"තමුසේ මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා! මන් දන්නවා ඒ තමුසේ කියලා!!"

"ඔව් මන් තමා!! ඇයි තමුන්ට ප්‍රශ්නයක් ද ආ!! තමුසෙලා එකෙක්ට වත් අර අහිංසකයා Boemgyu ගැන ගානක් නෑ. චහ්; තමුසෙට ගාණක් තියෙන්න විදිහක් නෑනේ..මොකද තමුසෙනේ අපරාධකාරයා!!" Jungkook එතෙක් ආයාසයකින් ගොඩ නගා ගත් සංයමය සැනකින් විනාශ කර දමමින් Taehyung ට නොදෙවෙනි ආවේගයකින් කතා කළේය.

"Jeon Jungkook!! තමුසෙට මන් කිව්වා මේ mission එකෙන් ඈත් වෙලා ඉන්න කියලා!! තමුසෙව ඊයේ අල්ලගන්න බැරි වුණා තමයි. ඒ මන් කොහොමහරි තමුසෙව මේ case එක පස්සේ පන්නන එකෙන් නවත්තනවා!!"

"පුළුවන් දෙයක් කරනවා Kim Taehyung!! මන් තමුසෙට බය නෑ. අන්න ඒක මතක තියාගන්නවා!!"

එසේ කියූ Jungkook පෑමිණියාට වඩා බොහෝ වේගයෙන් දොර විවර කර එතනින් පිටව ගියේය. කිසිවෙකුගේ මුහුණවත් නොබලා කෙලින් ම තමාගේ මේසයට ගිය Jungkook කෝපයෙන් මේසයට වැරෙන් පහරක් එල්ල කළේය. Boemgyu ගේ ජීවිතය අනතුරේ වැටී ඇති මොහොතක ඊට ඔහුට කිසිවක් කරගත නොහැකි වීම Jungkookව කෝප ගැන්වූයේය. Taehyung Boemgyu ව බේරාගැනීම සඳහා කිසිදු උත්සහයක් දරන ආකාකරයක් Jungkook දුටුවේ නැත. කුමන දෙයක් වුවත් Hoseok සහ Yoongi ගේද මේ පිළිබඳ ව කිසිම උනන්දුවක් Jungkook දුටුවේ නැත. Boemgyu ගේ අයියා Yeonjun කිහිප වරක්ම පොලිස් ස්ථානයට ආවත් ඉන් කිසිම ඵලයක් වූයේ නැත.

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin