දවස් ගෙවිලා ගියේ රෝස් වගේම ටේත් අලුත් රටේ අලුත් රැකියාවන් එක්ක කාර්යබහුල වෙද්දි.....
උදේ පාන්දරින්ම ගෙදරින් පිට වෙලා යන ටේ ආපහු ගෙදර එන්නේ රෝස් නින්දට වැටිලා පැය දෙක තුනක් ගෙවිලා ගියාට පස්සේ.....
ගේ පුරාම දැනෙන අසාමාන්‍ය ස්ට්‍රෝබෙරි සුවද සිතුවිලි නොසන්සුන් කලත් දවසින් දවස ටේ ඒ සුවදට බැදුනා.... ගේ ඇතුලට අඩිය තියද්දී දැනෙන ඒ ස්ට්‍රෝබෙරි සුවද මුලු දවසේම මහන්සිය අමතක කරලා හිතට අමුතුම සැනසීමක් අරගෙන එන විදියට ටේ ආසා වුනා....
හැම රෑකම කාර්ය බහුල නිව්යෝක් නගරේ මං තීරු දිගේ එහා මෙහා යන වාහන පේලි දිහා ඔහේ බලාගෙන ඉන්න ටේ ගේ හිත මන් මත් කරවන ස්ට්‍රෝබෙරි සුවදත් එක්ක නිතරම සෝල් වල සීතල කදු පන්ති අතරට ඇදුනා.....පුංචි හුරතල් දුර්ලභ ඝනයේ ඇල්ෆා කෙනෙක් විදියට පැක් එකේ හැමෝගෙම ආදරේ මැද්දේ හරි නිදහසේ ගෙවුන පුංචි කාලේ ට හිත ඉගිලිලා ගියේ මන්මත් කරන ස්ට්‍රෝබෙරි සුවදට මුලු ඇගම නුහුරු හැගීමකින් කිති කැවිලා යද්දී......
ඒත් එක මොහොතකින් ඒ හැම හැගීමක් ම යට කරගෙන හදවත හිස් වෙලා යද්දී ටේගේ මතකෙට ආවේ ෂින්හා ව ...... ෂින්හා ව මතක් වෙන හැම වෙලාවකම ටේගේ ඇතුලේ ඉන්න ඇල්ෆා ටේත් එක්ක අරගල කලත් ටේගේ ඇතුලේ ඉන්න මනුෂ්‍ය අර්ධය ෂින්හා ව නිතරම මතක් කලා......
පූර්ණ චන්ද්‍රයා සුන්දර නිව්යෝක් නගරේ කලබල අහසට උඩින් පිරිපුන්ව පායන හැම රෑකම රාත්‍රී දොලහේ කණිසම පහු වෙනවත් එක්කම හඳ එලිය උස ජනෙල් වීදුරු අතරින් පෙරිලා ටේයොන්ගේ මූනට වැටෙන කොට ලෝකෙට ම හොරෙන් ටේයොන් තමන්ගේ වෘක ස්වරූපයට පරිවර්තනය වෙනවා....
සිනිදු රිදී පාට ලෝම මද සුලගට තාලෙකට විසිරෙන කොට පිරුන හඳ දිහා මොහොතක් බලාගෙන ඉන්න ඇල්ෆා එක දිගටම කාමරේන් එලියට ඇවිත් නවතින්නේ වැහිලා තියන රෝස් ගේ කාමරේ දොර ඉස්සරහ......
ඇල්ෆා මේ තරම් රෝස්ට බැදෙන හේතුව මොකක්ද කියලා ටේයොන් ට හිතාගන්න බැරි උනත්, හඳ පිරුනු හැම රෑකම පරිවර්තනය වුන ඇල්ෆා රෝස් ගේ කාමරේ ඉස්සරහ නිදාගන්න එක නවත්තන්න ඕන කමක් තේහයුන් ට තිබුනෙත් නෑ......
YOU ARE READING
🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈) ||COMPLETED ||
Fantasyහුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්!!! එයා වුල්ෆ් කෙනෙක්!!! start- 2022/03/05 Completed-