"ෆූහ් හොද පණ ගියා!!"
ගේ ඇතුලට ආපු ගමන්ම අතින් කටින් එල්ලගෙන ආපු බඩු මලු ටික එහෙමම අතෑරපු රෝස් කකුල් දෙක දිගෑරලා සෝෆා එකට වැටිලා එහෙම කියද්දී, රෝස් ගේ පිටිපස්සෙන් තවත් මලු ටිකක් එල්ලගෙන ආපු තේහයුන් බඩු ටික අරගෙන ගිහින් කිචන් ටේබල් එක උඩින් තිබ්බා....
වාඩි වෙලා ඉන්න ගමන් ම බෙල්ල හරවලා තේහයුන් දිහා බලපු රෝස්,
"ඒක නෙවෙයි මිස්ටර් ඇල්ෆා, ඔයා ඩොක්ටර් කෙනෙක් කියලා හොදටම විශ්වාස ද?"
"මොකක්ද කියන්නේ "
වතුර වීදුරුව ට අයිස් කියුබ් දාන ගමන් හිටපු තේහයුන් ඒ වැඩේ නවත්තලා ඇහිබැමක් උස්සලා රෝස් දිහා බලද්දි, කකුල් දෙකම සෝෆා එක උඩට අරගෙන තේහයුන් ගේ පැත්තට හැරුන රෝස්....
"මගේ මාසේම පඩියට ආසන්න ගානක් ඔයා ගෙදර බඩු වලට වියදම් කල නිසා ඇහුවේ!!"
ඊලගට සෝෆා එකේ ඇන්ද උඩ කකුල් දෙක දෙපැත්තට දාල වාඩි වුන රෝස්,,,,
"මේහ් මොකක්ද බිස්නස් එක!!"
කියලා තේහයුන් ගේ පැත්තට නැවිලා අහනකොට බැලන්ස් නැති වෙලා සෝෆා එකෙන් බිමට වැටුනේ කොන්ද පොලවේ වැදිලා රෝස් ට කෙදිරි ගැවෙද්දී.... රෝස් වැටෙනවත් එක්කම කලබල වුන තේහයුන් අඩියට දෙකට දුවගෙන ඇවිත් රෝස් ව උස්සලා අත් දෙකට ගත්තේ රෝස් පුදුමෙන් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉද්දි.....
ඒත් ඊලග තත්පරේ ආපහු රෝස් ව එහෙමම බිමට අතෑරපු ටේ එතනින් එහාට ගියේ වුනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව රෝස් අන්දුන් කුන්දුන් වෙද්දි....
"යාආආආහ්!!!!! මොට්ට ඇල්ෆා!!! තමුන්ට පිස්සු හැදිලද ආ , තමුන් මගේ කොන්ද කඩලා දාන්නද හදන්නේ අයිෂ් මගේ කොන්ද දෙකට කැඩිලද කොහෙද ආහ්!!!"
රෝස් තව මොන මොනවාදෝ කියලා කෑ ගැහුවත් තේහයුන් ට ඒ කිසිම දෙයක් ඇහුනේ නෑ, තේහයුන් හිටියේ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව...
එක සැරේටම රෝස් වැටෙනවා දැක්කම තමන්ට කවදාවත් නැතුව ඒ තරම් බයක් දැනුනේ මොකද කියලා තේහයුන් ට තේරුනේ නෑ....හරියට...හරියට නිකන් ඒක තමන්ට වුනා වගේයි තේහයුන් ට දැනුනේ.... රෝස් ලගදි දැනෙන මේ හුරුපුරුදු බව, වචනයක් වත් නොකියා රෝස් කියන හැමදේටම අවනත වෙන්න හිතෙන විදිය තේහයුන් ට හිතාගන්න බැරි උනා තමන්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා.....
YOU ARE READING
🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈) ||COMPLETED ||
Fantasyහුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්!!! එයා වුල්ෆ් කෙනෙක්!!! start- 2022/03/05 Completed-