"රෝස්!! ඔයා හොදින් ද!"
මලානික රෝස් ගේ නලලට අත තියලා සුන්මි අහන කොට ඔලුව වනලා ඔව් කියපු රෝස් ආපහු ජනේලෙන් එලිය බලන කොට රෝස් ගේ ඉස්සරහින් වාඩි වෙලා රෝස් ගේ මූන තමන්ගේ පැත්තට හරව ගත්ත සුන්මි,,
"රෝස් මොකක්ද ප්‍රශ්නේ!!ඔයාට පුලුවන් ඕනම දෙයක් මාත් එක්ක කියන්න!! "
ඔලුව උස්සල සුන්මි දිහා බලපු රෝස් ගේ ඇස් වලින් කදුළු බින්දු දෙකක් ගලාගෙන යද්දි රෝස් ගේ උරහිසෙන් අල්ල ගත්ත සුන්මි ,
"කියන්න රෝස්!"
කියද්දී, අත් දෙකෙන්ම මූන පිහගත්ත රෝස්,,
"මට පාලුයි ඔන්නී, මට කියන්න තේරෙන්නේ නෑ මහ අමුතු පාලුවක් දැනෙනවා!! හරියට හරියට මුලු ලෝකෙම නැවතිලා මං විතරක් තනියම ඉතිරි වෙලා වගේ මට මට තේරෙන්නේ නෑ!!!"
පුදුමෙන් බලාගෙන ඉන්න සුන්මි දිහා බලලා කලබලෙන් කියපු රෝස් නැගිටලා බැල්කනි එකට යද්දි, ටිකක් වෙලා එහෙමම වාඩි වෙලා හිටපු සුන්මි නැගිටලා රෝස් ගේ පිටිපස්සෙන් බැල්කනි එකට ගියා....
"ඔයා ට ඇල්ෆව දැනෙනවද රෝස්!! එයා අශ්වයෝ පදින්න ගියා!!"
රෝස් ගේ පිටිපස්සෙන් හිටගෙන සුන්මි අහන කොට බිම බලාගෙන ඔලුව දෙපැත්තට වනපු රෝස් නෑ කියලා ඇගෙව්වා!!
"මං හිතන්නේ ඔයා ජින් ඔප්පට මේ ගැන කියන්න ඕන රෝස්!! "
බෙල්ල හරවලා සුන්මි දිහා බලලා ඔලුව හොල්ලපු රෝස් යන්තමට හිනා වෙලා ඇස් වල කඳුලු පිහගන්න කොට හැමදේම හරියාවි කියන බැල්මකින් රෝස් දිහා බලලා හිනා වුන සුන්මි එතනින් යන්න ගියා.....
දවල් කෑමෙන් පස්සෙ තරමක් විශාල පැක් හවුස් එක පුරාම ජින් ව හොයපු රෝස් සේවකයෙක්ගෙන් අහගෙන විශාල පුස්තකාල කාමරයට ගියේ ජින් එතන ඇති කියලා ජන්කුක් ස්ථිර කරලා කියපු නිසා!!! දෙතුන් වතාවක් කථා කරලා ත් ජින් ගෙන් ප්‍ප්‍රතිචාරයක් නැති වුන තැන අගුලු දාලා නොතිබුන පුස්තකාල කාමරයට ඇතුල් වුන රෝස් උස පොත් රාක්ක අතර ඕහේ ඇවිද්දේ හිතේ තිබුන නොසන්සුන් ගතිය පහවෙලා යනකන්...
හෝරා බාගයක් විතර එහාමෙහා ඇවිදපු රෝස් ගැස්සුනේ එක පාරටම වේගෙන් විවර වුන දොරෙන් කවුරු හරි කෙනෙක් ඇතුලට ආවා කියලා දැනුන නිසා....
YOU ARE READING
🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈) ||COMPLETED ||
Fantasyහුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්!!! එයා වුල්ෆ් කෙනෙක්!!! start- 2022/03/05 Completed-