🍁🍁 End or Beginning 🍁🍁19

1.3K 315 19
                                    

බලාපොරොත්තු රහිතව සිද්ධ වුන දේ නිසා මායාකාරී ගේ සම්පූර්ණ අවධානය ම ජිනුයි රෝසුයි ලගට යොමු වෙන කොට මායාකාරී අඩියෙන් අඩිය රෝස්ලා හිටපු තැනට එද්දි බිම බලාගත්ත රෝස් තේහයුන් ට මනසින් කිව්වේ මායාකාරීගේ අවධානේ ගිලිහුන තත්පරේ ජීවන ජලයෙන් ප්රයෝජන ගන්න කියලා.... ඒත් තේහයුන් ගේ සිතුවිලි තිබුනේ කැලබිලා...

ලාවට එහාමෙහා වුන ගිනි දැල්ලේ එලියෙන් නිරාවරනය වුන මායාකාරී ගේ මූන ෂින්හාව මතක් කරන කොට තේහයුන් ගේ මනුෂ්‍ය අර්ධය කැලබුනා.... ඇල්ෆා ෂින්හාව ප්‍රතික්ෂේප කරපු තරමටම තේහයුන් ගේ මනුෂ්‍ය අර්ධය ෂින්හා ට අවංකව ආදරේ කලා... ඒ නිසාම මායාකාරීගෙන් ෂින්හාව මැවෙන කොට, රෝස් ගේ සිතුවිලි වලින් මායාකාරී කියන්නේ ෂින්හා බව දැනෙන කොට තේහයුන් ගේ මනස ව්‍යාකූල වුනා....

"අවසානේ අපි ආයේමත් මුන ගැහුන එහෙනම් "

ජින්ගේ ඉස්සරහින් නැවතිලා ඇගිලි තුඩු වලින් අසුරක් ගහලා මවපු ගිනි දැල්ල ජින් ගේ මූන ඉස්සරහින් එහා මෙහා කරන ගමන් ෂින්හා නපුරු හඩින් කියද්දී කට කොනකින් හිනා වුන ජින්,,,,,

"ඔව් අපි ආපහු මුන ගැහුනා!!! තමුන්ගේ අවසානේ වෙනුවෙන්!!"

කියද්දී, බෙල්ල පිටිපස්සට නවාගෙන වියරුවෙන් හිනාවුන මායාකාරී ක්ෂනිකව හිනාව නැවැත්තුවේ මරනීය නිහඩතාවයක හාත්පසම ගිලිලා යද්දී.....

"ඉරනමේ අද දිනයේ කාගේ මරණයද ලියවිලා තියෙන්නේ කියලා අනාගත පුස්තක වල භාරකාරයා නොදන්න එක නම් විහිලුවක්!!!"

කලුපාට දිග ලෝගුව බිම දිගේ ඇදෙන කොට ජිනුයි රෝසුයි වටේට ඇවිදින ගමන් ඇග හිරි වැටිලා යන තරම් කටුක හඩින් මායාකාරී කියන කොට, මනස එක තැනක රදවගෙන තේහයුන් ට කථා කරන්න රෝස් අසාර්ථක උත්සාහයක් ගත්තා....

"තමුන්.....!!!"

"ෂ්!!"

ජින් කථා කරන්න හදන කොටම තද කලු පාට තොල් හරහා ඇගිල්ලක් තියපු මායාකාරී කට කොනකට හිනාවක් අරගෙන, ඔලුවේ ඉදන් දාගෙන හිටපු කලු පාට දිග ලොගුව උරහිසට පාත් කරලා තේහයුන් ලගට ඇවිදගෙන ගියා.....

🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈)  ||COMPLETED ||Where stories live. Discover now