"ඔහ් ඔන්නි ඔයා අසනීපෙන්ද ඉන්නේ "
සුන්මිගේ පිටිපස්සෙන් ඇවිදගෙන ඇවිත් ලිවින්ග් රූම් එකේ කෙලවරක වාඩි වෙන ගමන් රෝස් ටිකක් සද්දෙට අහන කොට ලිවින්ග් රූම් එකේ හිටපු හැමෝම ඔලුව උස්සල සුන්මි දිහා බලද්දි වාඩි වෙන කොට නිරාවරනය වුන ඇදුමේ උරහිස අතින් හදාගත්ත සුන්මි වටපිට බලලා හිනා වෙලා රෝස් දිහා බැලුවා...ඒත් එක්කම රෝස් ආපහු,
"ඔහ් ඔන්නි!! මේ උරහිසේ තියන තුවාලේ මොකක්ද?"
කියලා ආපහු සද්දෙට අහන කොට එලියේ ඉදන් ඇතුලට එන්න ආපු නම්ජූන් එහෙමම දොර ගාව නැවතුනා...
"ෂ් රෝස් මං ඒ ගැන ඔයාට කියන්න තමයි හදන්නේ! මේ අහන්න ඒ සලකුණ ඒක තමයි අපේ බැදීමේ සලකුණ, හරියට මිනිස්සු විවාහයකදි මුද්දක් දානවා වගේ, කොලේක ලියලා විවාහය රෙජිස්ටර් කරනවා වගේ, වුල්ෆ් ලා තමන්ගේ මේට් ව මාක් කරනවා!!"
"ආහ් ඒක හරිම විකාරයි!! අ මං කිව්වේ මේ ඔයාට ඒක රිදෙන්නෙ නැද්ද?"
"වෝල්ෆ් ලට ඒක සාමාන්‍ය දෙයක් රෝස්!! ඉතින් තව දවසකින් පස්සේ එන පුරහද දවසට ඔයා පරිවර්තනය වුනාට පස්සේ ඇල්ෆා ට පුලුවන් ඔයාව මාක් කරන්න!! ඊට පස්සේ ඔයාලා දෙන්නට ඕනම වෙලාවක මයින්ඩ් ලින්ක් එකෙන් කතා කරන්න පුලුවන් ඔයාලා කොහේ හිටියත් "
"ඔහ් ඒ කියන්නේ මටත් ඔය විදියේ විකාර කැලලක් ලැබෙනවද!!"
"ආහ් ඇත්තටම ඒක අපේ ආදරේ සංකේතය රෝස්, ඒක ඔයාට ලැබෙන්නේ ඔයා ගොඩක් ම ආදරේ කරන කෙනාගෙන් ඒක කොහොමද විකාරයක් වෙන්නේ!!"
"ආදරේ නොකරන දෙන්නෙක් අතරේ ඕක හුවමාරු වුනොත් ඒක ටිකක් විකාර නැද්ද ඔන්නි!"
"මේ අහන්න රෝස්!! වුල්ෆ් ලගේ දෛවය ලියවිලා තියෙන්නේ කාත් එක්කද එයාලා සදාකාලික වම ආදරෙන් බැදෙන්නේ ඒ කෙනා එක්ක විතරයි ඒක නියතයක් ඒක කවදාවත් වෙනසක් වෙන්නේ නෑ!!"
"ඒත් සමහර කථා දෛවය වෙනස් විදියට ලියලද කියලා අපි දන්නේ නෑ නේ ඔන්නි!!"
"මං හිතන්නේ නෑ රෝස්, ඇල්ෆා ඉක්මනින් තේරුම් ගනීවි!! අනිත් එක මට ඇල්ෆාගේ යෝජාචින්ගු දකින කොට මහ අමුත්තක් දැනෙනවා අනේ මන්දා!!"
YOU ARE READING
🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈) ||COMPLETED ||
Fantasyහුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්!!! එයා වුල්ෆ් කෙනෙක්!!! start- 2022/03/05 Completed-