වියරුවෙන් හිනා වෙන ගමන් අදුරු ඡායාව අඩියෙන් අඩිය තමන් ලගට ලං වෙනකොට අතේ තිබුන කෙන්ඩිය ආයේමත් කබා සාක්කුවට දාගත්ත රෝස්, ඉදගෙනම පස්සෙන් පස්සට ගියේ නැගිටලා යන්න තරම් කකුල් දෙකට ශක්තියක් තිබුනේ නැති නිසා......
අඩියෙන් අඩිය රෝස් ට ලංවුන අදුරු ඡායාව රෝස්ට තවත් පිටිපස්සට යන්න නොදී රෝස් ගේ කබාය කකුලට පාගගෙන මූන අහසට හරවලා වියරු හඩින් හිනාවෙන කොට ඇකිලිලා ගිය රෝස් අත් දෙකෙන්ම කන් දෙක තද කරලා වහගත්තා...
හතර වටින්ම ඉගිලිලා ඇවිත් අහසට එකතු වුන වවුලන්ගේ තටු ගහන හඩත් එක්ක අද්භූත අමුත්තාගේ වියරු හිනා හඩ එකතු වෙලා පරිසරය පුරා දෝංකාර දෙද්දී හෙමින් ඇස් උස්සලා බලපු රෝස් වටපිට බැලුවේ ගැලවිලා යන්න පුන්චිම ඉඩක් වත් තියෙනවද කියලා බලන්න.....
ඒත් එක්කම හිනාව නවත්තපු අදුරු ඡායාව එක සැරේටම පහත් වෙලා රෝස් ගේ මූනට එබෙන කොට තිගැස්සුණු රෝස්ට වචන අමතක වුනා......
කලු පාට දිග ලෝගුවක් ඔලුවේ ඉදන් පොරවගෙන තනි කලු පාටට හැරුන ඇස් වලින් රෝස් ගේ මූනට එබිලා හිටියේ ෂින්හා!!!!
වෙව්ලන තොල් අතරින් රෝස් හෙමිහිට ෂින්හාගේ නම මිමිනුවත් රෝස්ගේ තොල් අතරින් හඩක් පිට වුනේ නෑ!!
රෝස්ගේ මූනට එබිලා ම ඇගිලි දෙකින් අසුරක් ගහලා ගිනිදැල්ලක් මවපු ෂින්හා ඒ ගිනි දැල්ල ඇගිලි අතර තියාගෙන ම අදුරු ඇස් වලින් රෝස් දිහා බලද්දි රෝස් කලේ ඇස් දෙක තද කරලා පියාගත්ත එක.... ඊලග තත්පරේ ගිනි දැල්ල නිවලා දාපු ෂින්හා දිග උල් නියපොතු සහිත අතේ ඇගිලි රෝස් ගේ මූනට උඩින් කරකවලා එක සැරේටම ගස්සන කොට රෝස් ට දැනුනේ වේදනාවක් එක්ක අමුතු සැහැල්ලුවක්!!! ඒත් ඊලග තත්පරේ රෝස් දැක්කේ තමන්ගේ නිසල ශරීරය ගල් තලාව මත වැතිරිලා තියන හැටි,, මොහොතක් ගල් ගැහිලා ඒ දිහා බලාගෙන හිටපු රෝස් තිගැස්සුනේ ඊලග තත්පරේ මායාකාරීගේ හිනා හඩත් එක්කම රෝස් ව කෙලවරක් නැති අදුරු අගාධයක් ඇතුලට ඇදගෙන වැටෙන්න ගත්ත නිසා......
×××××××××××××××××××××××××××××××××
රෑ මැද්දේ දැකපු බයානක හීනේත් එක්ක ගැස්සිලා ඇහැරුන රෝස් ඇද උඩ වාඩි වෙලා වේගෙන් හුස්ම ගන්න පටන් ගත්තේ හීනෙන් දැකපු දේවල් ආයේ ආයේමත් මතක් කරන ගමන්!!! රෝස් ගේ හිතට ආපු එකම දේ මායාකාරී ෂින්හද?එහෙම නැත්නම් තමන් දකින හීන බොරුද කියන ප්ර්ශ්නේ.....
YOU ARE READING
🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈) ||COMPLETED ||
Fantasyහුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්!!! එයා වුල්ෆ් කෙනෙක්!!! start- 2022/03/05 Completed-