පැක් හවුස් එකට ආවත් හරි පලවෙනි වතාවට තමයි රෝස් කාමරෙන් එලියට ඇවිත් හැමෝම ව එක සැරේ මුනගැහෙන්නේ.... දරාගන්න අමාරු අසීමිත සීතල නිසාම දවල් වෙනකන් නිදාගන්න රෝස් ඇහැරලා කාමරේ ට ම ලැබෙන කෑම කාලා මුලු දවසම කරන්නේ බැල්කනි එකෙන් ඈත පේන උස කන්ද දිහා බලාගෙන ඉන්න එක....
ඒ කන්ද දිහා බලන වාරයක් පාසා හදවත වේදනාවෙන් මිරිකෙන හේතුවක් හිතාගන්න බැරි උනත් රෝස් ට ඕන වුනා තව තවත් ඒ දිහා බලාගෙන ඉන්න, මුලු දවල් වරුවම රෝස් වැය කලේ තේරුම් ගන්න බැරි හැගීම් ගොන්නක් හිතේ ඇති කරන අරුම පුදුම හැඩයක් තියන කන්ද දිහා ඔහේ බලාගෙන ඉන්න....
කාමරේ තිබුන හීටර් එකේ උනුසුම තව ටිකක් වැඩි කරලා අත් දෙක එකට අතුල්ලලා ඒ මැදට කටින් පිබපු රෝස්, බිත්තියේ තිබුන ඔරලෝසුව දිහා බලලා වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා කාමරෙන් එලියට ආවේ නවය වෙන කොට පහලට එන්න කියලා ජින් කියපු නිසා.....
හතර වටේ ඇස් යවන ගමන් ලී වලින් ම හදලා තිබුන තරප්පු පෙළ පියමන් කරපු රෝස් පහල කොටසේ ලිවින්ග් ඒරියා එකෙන් දිග කොරිඩෝ එකට ඇවිත් ලොකු ඩයිනින්ග් හෝල් එකට ඇතුල් වුනා....
ගොඩක් දෙනෙක් ට එකතු වෙලා කෑම ගන්න පුලුවන් දිග ඩයිනින්ග් ටේබල් එකේ මුලසුනේ තේහයුන් වාඩිවෙලා ඉද්දි තේහයුන් ගේ වම් පැත්තේ ජින් වාඩි වෙලා හිටියා! ජින්ගේ ලගම තිබුන පුටුව හිස් වෙලා තිබුනත් ඊට එහායින් තිබුන පුටුවල රෝස් මීට කලින් නොදැක්ක කීප දෙනෙක් වාඩි වෙලා හිටියා....
ලස්සන තනි සුදු පාට කදුකර ඩැෆඩිල් මල් වලින් සරසලා තිබුන තනි සුදු පාට රෙද්දකින් ආවරණය වෙලා තිබුන කෑම මේසේ පුරා තිබුන එක එක ජාතියේ කෑම වර්ග රෝස් ගේ බඩගින්න වැඩි කලා....
"ආහ් රෝස් එන්න වාඩි වෙන්න!!"
තේහයුන් ගේ ලගම තිබුන පුටුවට අත දික් කරලා ජින් කියන කොට ,ජින් දිහා අමනාප බැලීමකින් බලපු තේහයුන්,
"හෙයොන්ග් ෂින්හා!!"
"ඇල්ෆා!! මේවා අපේ චාරිත්‍ර!! "
"ඒත් හෙයොන්ග් !!"
තේහයුන් කියලා ඉවර කරන්නත් කලින් රෝස් ගේ ඇගේ හැප්පීගෙන ඉස්සරහට ගිය ෂින්හා ජින් තව මොකුත් කියන්නත් කලින්ම තේහයුන් ලග පුටුවෙන් වාඩි වුනා.....
YOU ARE READING
🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈) ||COMPLETED ||
Fantasyහුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්!!! එයා වුල්ෆ් කෙනෙක්!!! start- 2022/03/05 Completed-