🍁🍁 LUNA 🍁🍁12

1.3K 310 49
                                    

හාත්පස තද අදුරක් ඉහිරිලා තිබුනේ හඳ තිබුනේ වලාකුළු වලට මුවා වෙලා නිසා... ලග තිබුන ගහක අශ්වයා ව දිගේලි කරපු තේහයුන් ඉස්සර වෙනකොට රෝස් ප්‍රශ්න නොකරම තේහයුන් ගේ පිටිපස්සෙන් ඇවිදගෙන ගියා...ටිකක් දුර ඉස්සරහට ඇවිදගෙන ගිය තේහයුන් එක තැනක නැවතෙද්දී රෝසුත් එහෙමම නතර වුනා....

"යන්න රෝස් රෑ දොලහට තව මිනිත්තු කීපයයි තියන්නේ!!"

"ක් කොහෙද?"

"විල ලගට යන්න!!"

මද එලියෙන් ඈතින් පේන විල දිහාවට අත දික් කරලා තේහයුන් කියනකොට කෙලපොදක් ගිලලා වට පිට බලපු රෝස් හෙමින් සැරේ ඉස්සරහට ඇවිදගෙන ගියා... මේකයි කියලා පහදලා කියන්න බැරි අමුතුම හැගීමක් එක්ක කැලතිලා හදවත වේගෙන් ගැහෙන කොට අදුර මැද්දේ හෙමින් ලෙල දෙන දිය රැළි දිහා බලාගෙන ඇස් දෙක තද කරලා පියා ගත්ත රෝස් මොහොතකට එහෙමම හිටියා....

මේ අතරේ වලාකුලකට මුවා වෙලා තිබුන හඳ රාත්‍රී දොලහ පහු වෙනවත් එක්කම හෙමින් නිරාවරණය වුනේ පූර්ණ චන්ද්‍රයා හරියටම විලට ඉහලින් දිස්වෙන විදියට....විල කෙලවරේ හිටගෙන හිටපු රෝස් හද එලියෙන් සම්පූර්ණයෙන්ම නැහැවිලා යද්දී ඇහි පිය සලන එක මොහොතකට හැමදේම නැවතිලා ආපහු ක්රියාත්මක වෙද්දි හමාගෙන ආපු හුලං රැල්ලකට රෝස් ගේ දිග කොන්ඩෙ ඉහිරිලා ගියා!!!! බිම බලාගෙන හිටපු රෝස් මූන උඩට උස්සලා චන්ද්‍රයා දිහා බලද්දීම පාවෙලා ආපු වලාකුලකට හඳ මුවා වෙන කොට හාත්පස අදුර ගිල ගත්තා.....

තවත් තත්පර කීපයකට පස්සේ වලාකුල ඈතට පාවෙලා යද්දී නිරාවරනය වුන හඳ එලියෙන් තේහයුන් දැක්කේ විල ඉවුරේ රෝස් වෙනුවට වාඩි වෙලා ඉන්න පිට දිගේ රිදී පාට ඉරක් විහිදුනු සුදු පාට වුල්ෆ් කෙනෙක්!!!

"ලූනා!!!"

එක සැරේටම තමන් දකින දේ අදහ ගන්න බැරි උන තේහයුන් ඇස් දෙක පුදුමෙන් ලොකු කරගෙන මුමුණන කොට මූන උස්සලා හඳ දිහා බලපු ලූනා ගේ ලයාන්විත උඩු බිරුම පරිසරය පුරා දෝංකාර දෙන කොට තමන්ගේ කරේ තිබුන චන්ද්‍ර මාණික්‍ය සහිත මාලය තද කරලා අතේ ගුලි කරගත්ත තේහයුන් තමන්ගේ වුල්ෆ් ව පාලනය කරගත්තා....

🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈)  ||COMPLETED ||Where stories live. Discover now