2

1.6K 326 32
                                    

"මොන ෆකර් කෙනෙක්ද අහකට යනවා" ටේහ්යුං ජන්කුක් ලගට ආව වේගෙන්ම එහාට තල්ලු වෙලා ගියා... ජන්කුක්ගේ කෑ ගැහිල්ලට මුලු හෝල් එකම එයාලා දිහා බලාගෙන උන්නේ... එයාලා විතරක් නෙවෙයි ටේහ්යුං, ටේහ්යුංගේ පස්සෙන් ආව යොන්ජුනුත් උන දේ නිසා පුදුම වෙලා හිටියේ... ජන්කුක් නම් තරහටම රතු වෙලා ගිහින් ටේහ්යුංට ජන්කුක්ව දැකලා පුදුම හිතුනා වගේම එයාගේ ඇස් එයාට කිව්වේ ඔයාගේ ගුකී රතු වෙලා හරිම කියුට් කියලා...

"ජන්ගුක් මොකක්ද ඔයා ඒ කලේ? ටේ හියුන් ඔයා හොදින්ද?" ටේහ්යුං ලගට දුවගෙන ආව යොන්ජුන් ටේහ්යුංව නැගිට්ටුවා... ජන්කුක් නම් මේ වෙද්දී පරමාණු බෝම්බෙකටත් අන්ත තත්වෙක ඉන්නේ... මොකද තමන්ව එකපාරට බදා ගත්ත මන්ද මානසිකයෙක්ව තල්ලු කරලා දාන එක ජන්කුක්ගේ තියරීස් අනුව වැරැද්දක් නෙවෙයි... අනික කවුද මේ හාදයා? ජන්කුක් මේ එකෙක්වත් දන්නේ නැහැ...

"මං හොදින් යොන්ජුන්... ගුකී බබා" ටේහ්යුං ආපහු පාරක් ජන්කුක්ගේ ලගට එන්න ආවත් ජන්කුක් කිව්ව දේ නිසා නැවතුනා...

"ආපහු බදාගත්තොත් මං තමුසෙව මරනවා... කවුද ඕයි තමුසේ?" ජන්කුක් ඇහුවේ පුදුමාකාර තරහක් හිතේ තියාගෙන... එද්දී එයාට මේ වගේ හාදයෙක් ගැන කවුරුත් මුකුත් කියලා තිබ්බෙත් නෑ... ඒ වගේම ජන්කුක් කවුරුත් කියන දෙයක් අහන කෙනෙකුත් නෙවෙයි...

"ගුකී මොනවද ලමයෝ කියවන්නේ? මාව මතක නැද්ද ඔයාට? මං ඔයාගේ ටේනේ" ටේහ්යුං එයාගේ හඩ බාල කරලා එයා ඉස්සරහා ඉන්න එයාගේ ජන්ගුක්ගෙන් ඇහුවා... ඒත් ජන්කුක්ට නම් ඔය කිසිම දෙයක් ගැන තැකීමක් නෑ...

"මේක මුලින්ම අහගන්න මිස්ටර් තේද කෝපිද මං තමුසෙව අදුරන්නේ කෝමද මං ඊයෙනේ කොරියාවට ආවෙත්... තමුසෙ ඔය ගිය ආත්මයක් ගැන නම් කියවන්නේ මට ඒව මතක නෑ... අනිත් එක ඔය ගුකීද බුකීද ගාන එක නතර කරනවා මගේ නම ජන්කුක්... අන්තිම කාරණාව මාව අල්ලන්නවත් හිතන්න එපා ඕකේ..." ජන්කුක් කියාගෙන කියාගෙන ගියා... මේ වෙද්දී ටේහ්යුං, යොන්ජුන්, මුලු හොල් එකේම ලමයි පුදුමෙන් ජන්කුක් දිහා බලාගෙන උන්නා... කියවලා කියවලා ඉවර උන තැන ජන්කුක් හොද හුස්මක් ගත්තේ කියවලාම හුස්මත් ඉවර නිසා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now