24

1.4K 292 44
                                    

කාමරේට ආව ජන්කුක් එයාගේ බෑග් එකේ තිබ්බ පොත් ටික පැත්තකින් තියලා ඇදේ ඇල උනා... ජන්කුක්ගේ මුහුණේ තෙහෙට්ටු බව ඕනාවටත් වඩා වැඩියෙන් පෙනුනා... මොකද- මොකද ජන්කුක් කවදාවත් මේ තරම් වැඩ කරලා නැහැ... ජන්කුක් කියන්නේ ඉපදුනු දවසේ ඉදන් සැප සම්පත් එක්ක හැදුන දරුවෙක්, එයා කවදාවත් ජන්ගුක් වගේවත් දුක් විදලා නැහැ... ජන්කුක්ගේ ඔම්මා ජන්කුක්ට උපරිම නිදහස දීලා තමයි හැදුවේ සමහරවිට ජන්කුක් මුරණ්ඩු වෙන්නත් හේතුව ඒකම තමයි...

ඒත් ජන්කුක් කවදාවත් නැතුව නෑ නෑ මේ සතියෙම අසීමිත විදිහට මහන්සි උනා...ඒකට හේතුව ජන්කුක් වැඩ කරන තැන බොස් ජන්කුක්ගේම මෝඩ වැඩ නිසා තරහ ගිහින් ජන්කුක් ලව්වා ඕනාවටත් වඩා වැඩ කරවාගන්න එක... ජන්කුක් මොකටද වැඩ කරන්නේ එයාට විසික් කරන්න තරම් සල්ලි තියෙද්දී... නෑ ජන්කුක් එද්දී credits card වල සල්ලි ගත්තට පැරිස් වල තියෙන යුනිවර්සිටි එකකට ඇතුලත් වෙන්නයි, දැන් ඉන්න හොටෙල් එකේ බිල ගෙවන්නයි ජන්කුක්ට ඒ සල්ලි වැය උනා... ජන්කුක් කරන්නේ ජන්ගුක්ගේ හීනේ සැබෑ කරන එක... හොදට ඉගෙන ගෙන සංගීත පැත්තෙන් ඉස්සරහට යන එක ජන්ගුක්ගේ හීනය... ජන්කුක්ට ඕනා ජන්ගුක් වෙනුවෙන් ඒ දේ කරන්නයි...

කාලයක් මෙහේ නවතින්න ඕන නිසා ජන්කුක්ට ජොබ් එකක් ඕන උනා... ඒත් ජන්කුක්ට තවමත් පැරිස් නගරය අලුත් තැනක් නිසා හම්බුන පලවෙනි තැනින්ම එයා ජොබ් එක බාරගත්තා... අනිත් පැත්ත නම් ජන්කුක් ඉගෙනගන්න කම්මැලි, පාඩම් කරන්න කම්මැලි කෙනෙක් ඉතින් එයාට ජන්ගුක්ගේ මට්ටමට එන්න නම් හුගාක් මහන්සි වෙන්න වෙනවා... ජන්කුක් මේ දවස් ටිකේම වගේ ඔය විදිහට මහන්සි උනා...

ඒත් ජන්කුක් ජන්ගුක් නම් නෙවෙයි... එයා ජන්ගුක් වෙන්න උත්සාහ කරන්නෙත් නෑ... ටේහ්යුං ජන්ගුක්ට ආදරෙයි නම් ජන්කුක්ට කවදාවත් ඒ ආදරේට අයිතිවාසිකම් කියන්න බැහැ, එයා කියන්නෙත් නැහැ... ජන්කුක් කවදහරි ටේහ්යුං ජන්කුක් කියන පුද්ගලයාට, එයාට කැමති වෙනකං, ආදරය කරනකං පැත්තකට වෙලා ඉන්නයි පැරිස් වලට ආවේ... පැරිස් කියන්නේ එයාගෙත්, එයාලගේ මාම්ගෙත් හීන නගරයක් නිසා ජන්කුක් එයාගේ එකම හීනේ වෙනුවෙන් මෙහෙට ආවා, දැන් එයා ජන්ගුක්ගේ හීනේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now