25

1.4K 301 55
                                    

"පූස් ඔයා හිතන්නේ අරූ අර ආව එකාගේ underwear එක ඔලුවෙන් ගලෝනවද?" ජිමින් ඇහුවේ විනාඩි දෙක තුනකට කලින් දොර අරින්න ගියපු එකාගේ සද්ධ බද්දයක් නැති නිසා...

"ඔයාට සේරම විහිලු නේද? අයියෝ ජිමිනි බබා..." යුන්ගි හිනා වෙලා ජිමින්ගේ ඔලුව අත ගෑවා... ඒත් එකපාරටම ටේහ්යුං කෑ ගහනවා ඇහුන නිසා එයාලා කලබල උනා...





























































"ටේ ඔයා දුකෙන්ද?" ජිමින් ඇහුවේ ජනේලෙන් එලිය දිහා බලාගෙන ටේහ්යුං දිග සුසුම් හෙලන නිසා...

"ටේ-
ජිමින් ටේහ්යුංගො අතක් හොලවන ගමන් කතා කරේ එයා පලවෙනි කතා කිරීමේදී කතා කලේ නැති නිසා...

"අහ් ජිමින්- මොකද උනේ?" ටේහ්යුං කල්පනා ලෝකෙන් ඇහැරිලා කතා කරා... ටේහ්යුං උන්නේ පැය කීපෙකට කලින් උන දේ නිසා ටිකක් දුකෙන් නම් තමයි...

"දුකෙන්ද කියල ඇහුවේ?"

"එයා හොදින්නේ එහෙනම් එච්චරයි" ටේහ්යුං ආපහු වචනයක්වත් නොකියා එලිය බලා ගත්තා... ජිමිනුත් ආපහු මුකුත්ම කියන්න ගියේ නෑ...

එයාලා මේ ආපහු කොරියාවට යන plan එකේ ඉන්නේ... ගියා වගේම ආපහු ආවෙත් ඒ තුන් දෙනාම විතරයි... ඒත් එක හොද ආරංචියකුත් එක්කයි ආවේ, ඒ ජන්කුක් හොදින් ඉන්නවා කියන එක...

ටේහ්යුං, යුන්ගී, ජිමින් කොරියාවට යද්දී එයාලව එක්කන් යන්න මිස්ටර් ජෙයොන් ඇවිත් හිටියා... එයා ආපහු තනියම කොරියාවට ඇවිත්- මිස්ටර් ජෙයොන් හුගක් බලාපොරොත්තුවෙන් ටේහ්යුංලා දිහා බලාගෙන උන්නා... එයා සිද්ධිය ගැන දන්නේ නෑ ඒත් ටේහ්යුං එයාට කෝල් කරලා ජන්කුක්ව හම්බුනා කියන එක විතරක් කිව්වා... මිස්ටර් ජෙයොන් බලාපොරොත්තු උනා ජන්කුක් එයි කියලා ඒත් නෑ ටේහ්යුං, ජිමින්, යුන්ගී ඇරුනම වෙන කවුරු ආවේ නෑ... ටේහ්යුංගේ ඇස් වල බලාපොරොතුව කියන දේ නැති වෙලා නෑ ඒත් අනිත් දෙන්නගේ නම් එහෙමයි... මිස්ටර් ජෙයොන්ගේ බලාපොරොත්තු බිදිල ගියා...

"ටේහ්යුං මොකද උනේ? කෝ මගේ පුත-
ටේහ්යුංලා ලගට එද්දී මිස්ටර් ජෙයොන් ටේහ්යුංගෙන් අහද්දී, යුන්ගී එයාව නතර කලා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now