17

1.2K 254 48
                                    

"යා ටේ ඕක මගේනේ"

"ඔයාගෙ මොකද මගේ මොකද අනික මේක මගේ එකට වඩා හොදයි"

"වැඩිය ලෙව කන්න එපා මනුස්සයෝ..."

"මැණික මේක රසයි"

"මගෙන් මැරුන් නොකා මගේ එක මට දෙනවා තමුසෙ ඕන නම් තමුසෙගෙ එක ලෙව කාගන්නවා ඇති වෙනකං"

"දෙන්න මාරු කරන් ඔය වැඩේ කරමුද?"














"මොන හු#$&^ උබල ඔය කියවන්නේ තොපි ක්ලාස් එකෙත් ලෙව කාගන්නවද ඕවා" ජිමින් ඉස්සරහ පෝලිමේ ඉදන්ම කෑ ගහලා කිව්වේ වැරදිලාවත් පිටි පස්ස නොබලා... ඔය දෙබස් ඇහුන හැම කෙනෙක්මත් ජිමින් වගේ වැරදිලාවත් පිටි පස්ස නම් බැලුවේ නෑ...

ටේකුක් ඩබල පිටිපස්සෙම පෝලිම අල්ල ගන්න හේතුව ඕක වෙන්න ඇතී කියලා ජිමින්ගේ බෑඩ් මයින්ඩ් එකට වැටහිලයි තිබ්බේ... ජිමින් දත කාගෙන සංවාදේ අහගෙන ඉදලා බැරිම තැනයි කෑ ගැහුවේ...

"උබල දෙන්න නිසා මෙතන ඉන්න අහිංසක ජනතාව පීඩා විදිනවා බං ප්ලීස් මං උබලට රූම් එකක් බුක් කරලා දෙන්නම් මං ගානෙම දැන්වත් ඕක නතර කරපං" ජිමින් කෑ ගහලා කියද්දී ජන්කුක්ටයි, ටේහ්යුංටයි තේරුනා ජිමින් ඉන්නේ වැරදි අදහසක කියලා...

"යා යා වල් හියුන්... අපි මේ කතා කරේ ලොලිපොප් ගැන" ජන්කුක් කෑ ගහලා කියද්දී මුලු හෝල් එකම නිශ්ශබ්ද උනා... ලොලිපොප්!!!

"උබල ඒව මෙහෙත් උස්සන් ආවද වල් ඌරු මීයො දෙන්නා" ජිමින් එහෙම කියලා හැරිලා බලද්දී තේරුනේ එයා හිතුව ලො-ලි-පො-ප් එකක් ගැන නෙවෙයි ජන්කුක් කියෝල තියෙන්නේ කියලා... ජන්කුක්ගේ බෙල්ල මිරිකන්න අත උස්සලත් ටේහ්යුං දිහා බලලා පාඩුවේ උන්නා...

දවසින් දවස, පැයෙන් පැයේ, විනාඩියෙන් විනාඩිය, තත්පරෙන් තත්පරේ ජන්කුක් හිතා ගන්න බැරි විදිහට ටේහ්යුංට ආකර්ෂණය වෙන්න පටන් ගත්තා... හිතේ කොනක අයිතිකර ගැනීම කියන චේතනාව තියෙද්දී ජන්කුක් ආදරය කියන හැගීම මුල් කරගෙන ටේහ්යුංගේ ආදරයට ආදරය කරන්න පටන් ගත්තා... එදා ජන්කුක්ගේ ගෙදරින් අරගෙන ගියපු ජන්ගුක්ගේ ඩයරි එක කියවපු ටේහ්යුංට ජන්ගුක් ගැන තිබ්බ ආදරය, විශ්වාසය තව තවත් වැඩි වෙන්න පටන් ගත්තා... ඒත් ටේහ්යුංට ඩයරි එක විතරයි ලැබුනේ නැතුව ලියුම ලැබුනේ නෑ... ටේහ්යුං එදා ඩයරි එක ගද්දී ලියුම බිමට වැටිලා ජන්කුක්ටත් ඒක ගැන ගානක් උනේ නෑ... ජන්කුක්ට දැන් ටේහ්යුං නැතුවම බෑ වගේ... කලින් තිබ්බ නරක වැඩ, නරක ගතිගුණ වලින් ඈත් වෙලා ජන්කුක් දැන් ටේහ්යුංගේ හුරතල් බෝයිෆ්‍රෙන්ඩ් වෙලා... ලස්සන ආදර කතාවලට බාධක තියෙන්නම ඕනනේ නැත්නම් කිසි වැඩක් නෑ ඉතින් මේ ආදරේට බාධක තව ඉස්සරහට ඒවී...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now