21

1.3K 285 11
                                    

"මිස්ටර් ජෙයොන් ඔයාව මීට් වෙන්න තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා එවන්නද?" මිස්ටර් ජෙයොන්ගේ ඔෆිස් රූම් එකට ආව ජෙයොන්ගේ සෙකට්‍රි ගර්ල් කිව්වාම ජෙයොන් ෆයිල්ස් වලින් ඔලුව නොගෙනම කතා කලා...

"මං වැඩක ඉන්නේ පස්සෙ එන්න කියන්න" ජෙයොන්ගේ අණ අනුව එලියට ගියපු ගර්ල් විනාඩි කිහිපයකට පස්සේ ආපහු ආවා...

"සර් එයාලා කියනවා හදිස්සියක් කියලා, කිම් ටේහ්යුං, පාක් ජිමින්, මින් යුන්ගී කියලා තුන්දෙනෙක්" ඒනම් ඇහෙනවත් එක්කම ජෙයොන් පුටුවෙනුත් නැගිට්ටා... හරියටම මාසයකට පස්සේ, ටේහ්යුංලා ඇමෙරිකාවට ඇවිත්... ජන්කුක් එක්ක තරහ වෙලා මාසෙකට පස්සේ ටේහ්යුං මිස්ටර් ජෙයොන් හොයාගෙන ඇවිත්...

"එයාලා- එවන්න" කලබලෙන් කිව්ව ජෙයොන් ටේහ්යුංලට කතා කලා... ගර්ල් ගිහින් ටිකකින් ටේහ්යුං, ජිමින්, යුන්ගි තුන් දෙනා ඇතුලට ආවා... ජෙයොන් දුවගෙන ගිහින් ටේහ්යුංව බදාගත්තා...

"මගේ පුතාව හම්බුනාද?" ටේහ්යුංලත් ආවේ ජන්කුක්ව හොයාගෙන ඉතින් මිස්ටර් ජෙයොන් අහපු දේට ටේහ්යුංලා නිරුත්තර උනා... ජන්කුක් ගැන මිස්ටර් ජෙයොන් දන්නේ නැත්නම් කවුද දන්නේ?

"මොනාද අන්කල් අහන්නේ? ජන්කුක් ඔයත් එක්කනේ ඇමෙරිකාවට ආවේ? අපි- අපි ආවේ එයාව- කොහෙද එයා?" ටේහ්යුං ඇහුවාම මිස්ටර් ජෙයොන් බර හුස්මක් පහලට දැම්මා...

"මං දන්නෙ නෑ..." ජෙයොන්ගේ කටින් පිට උන ඒ වචන ටිකට තද උනේ වෙන කාටවත් නෙවෙයි යුන්ගිට... මොකද යුන්ගි ජන්කුක්ට ආදරෙයි සහෝදරයෙක්ට වගේ ඒත් දැන් එයාගේ පුංචි සහෝදරයා ආගි අතක් නෑ... එයා ගැන දැනගන්න උන්න එකම කෙනෙක් එයා ගැන දන්නෙ නෑ කිව්වාම යුන්ගිට තද උනා...

"තමුසෙ මොනවද කියවන්නේ මිස්ටර් ජෙයොන්, ජන්කුක් ඔයත් එක්ක නෙවෙයි නම් කොහෙද? එයා ආවේ ඔයා එක්ක නේද? අනික- අනික තමුන් ඇයි ඇත්ත හැංගුවේ කියනවා මට-" යුන්ගි එයාගේ ඩැමේජ් උන අතින්ම ජෙයොන්ට ගහන්න හැදුවත්, ජිමින් නතර කලා...

"පූස් ඕක නතර කරන්නකෝ... ජෙයොන් අන්කල් ප්ලීස් තවත් ටේහ්යුංට දුකක් දෙන්නේ නැතුව ජන්කුක් ඉන්න තැනක් කියන්න අපිට..." ජිමින් මිස්ටර් ජෙයොන්ගෙන් අයැදුවා... ටේහ්යුං ආපහු වතාවක් අඩනවා හිටගෙන ඉන්න පන නැති නිසා බිත්තියට බර වෙලා අඩනවා... කතාව පටන් ගත්ත දවසේ ඉදන් ටේහ්යුං කරේ අඩන එකම විතරයි ටේහ්යුං විතරයිද ඇඩුවේ?

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now