9

1.2K 283 27
                                    

වොශ්රූම් එකෙන් එලියට ආව ටේහ්යුං ගෙදර යන්න ගියේ අද ජිමින්වත් නැති නිසා... කා පාක් එකට ආවෙත් ටේහ්යුං එයාගේ කා එක අරගෙන කෙලින්ම ගෙදර යනවා කියලා හිතාගෙන ඒත් එයා ඈත තියාම ජිමින්ව දැක්කා... ජිමිනුයි, තවත් කලු ඇදගත්ත කට්ටියකුයි ඇරුනාම ටේහ්යුං ජන්කුක්ව දැක්කේ නෑ... මොකද එයා අර කට්ටියගෙන් කවර් වෙලයි උන්නේ... යුනී ඇවිල්ලත් හම්බවෙන්න නාව එකට ටේහ්යුං ජිමින්ට බනින්න බලාගෙනම එතනට ගියාම ජිමින් කාටදෝ හෝ ගාලා බනිනවා... තවත් රණ්ඩුවක් වෙන්න ඇතී කියලා ටේහ්යුං ජිමින්ට කතා කරා...

"ජිමින් මොකක්ද මෙතන වෙන්නේ?" ටේහ්යුං කතා කරාම ජිමින් වගේම ජන්කුකුත් හැරිලා බැලුවා... ටේහ්යුං එතකොටයි ජන්කුක්ව දැක්කේ...

"ඔය දෙන්න ආපහු වතාවක් ගහගන්නද යන්නේ? මොකද වෙලා තියෙන්නේ ආ" ටේහ්යුං ටිකක් විතර තරහින් ඇහුවා... ජිමින්, ජන්කුක් දෙන්නවම ටිකක් විතර වෙව්ලලා යන්න ඒ සද්දේ ප්‍රමානවත් උනත් ටේහ්යුං ඊලගට දැක්කේ ජන්කුක්ගේ අතේ තියෙන තුවාලෙකින් ලේ ඇවිත් ඇදුම තෙත් වෙලා තියෙනවා...

"ගුකී මොකක්ද උනේ ඔයාට? ඔය ලේ එන්නෙ ඇයි?" ටේහ්යුං අහද්දී තමයි ජන්කුක් ඒ තුවාලෙත් දැක්කේ... ඒත් එක්කම එතන උන්න කලු ඇදගත්ත සෙට් එකත් ඒක දැක්කා... ජන්කුක්ට තුවාල කරපු වරදට සුගා එයාලව පන පිටින් වලලයි කියන බය ඇති වෙද්දී ජන්කුක්ගෙන් සමාව ගන්න එයාලා ජන්කුක් ඉස්සරහා දණ ගැහුවා...

"අපිට සමාවෙන්න බොස් අපි දැනගෙන උන්නේ නෑ බොස්ටයි ගහන්නේ කියලා... සුගා බොස් කිව්ව විදිහට අරයගේ කීම අහලා දැන් මෙතනට එන කෙනාට ගහන්න කිව්ව නිසා ගැහුවා අපි මූණ දැක්කේ නෑ... සමාවෙන්න සර් අපේ රස්සාව නැති කරන්න එපා... ප්ලීස් අපිව මරන්න නම් එපා" කට්ටිය ජන්කුක් ලග බැගෑපත් වෙද්දී ජිමින්, ටේහ්යුං දෙන්නා කල්පනා කලේ ඇයි එයාලා ජන්කුක්ගෙන් ජීවිතය යදින්නේ කියලා...

"ගුකී මොකද ඔය? කවුද මේ අය? ජිමින් මොකක්ද මෙතන වෙන්නේ? මට දැන්මම පැහැදිලි කරන්න" ටේහ්යුං ඇහුවාම ජිමින් බිම බලා ගත්තා...

"මට කෑ ගහන්නේ මේ කොටා තමා සේරම කරේ... එයා මාව මරන්න කට්ටිය එවලා" ජන්කුක් කෑ ගහලා කිව්වේ ජිමින්ව අසරණ කරලා... ඒත් ජිමින් නිකං ඉදීද එයා වැරැද්ද පිලි ගත්තේ නෑ

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now