16

1.3K 280 24
                                    

"බබා ඔයා කොහෙද?" ටේහ්යුං උදේ පාන්දර ජන්කුක්ගේ අපා'ට්මන්ට් එකට ආවේ ජන්කුක් එක්කම යුනිවර්සිටි යන්න කියලා හිතාගෙන...

කීප දවසකට කලින් යුන්ගිට ආපහු ගෙදර එන්න පුලුවන් උනා... එයා නැවතුනේ ජිමින්ලගේ ගෙදර... එතකොට ජන්කුක් යුන්ගිව හම්බුනේ ජිමින්ලගේ ගෙදරට ආවට පස්සෙයි... යුන්ගි ජන්කුක්ගෙන් හේතු ඇහුවේ නෑ මොකද එයා දන්නවා ජන්කුක් ඒකට බය බව... ජන්කුක් යුන්ගි හොස්පිට්ල් එකේ ඉන්න දවස් ටිකේම ගෙදර ගියේ නෑ දවල් වරුවේ එලියට වෙලා ඉදලා රෑ උනාම ඇතුලට ගිහින් ඉන්නවා... ඒත් යුන්ගිව බලන්න නම් ගියේ නෑ... ටේහ්යුංටත් ඉතින් ජිමිනුයි, ජන්කුකුයි තනියම දාලා යන්න බැරි නිසා එයා එහෙම එයාලත් එක්කම උන්නා... යුන්ගි ආවට පස්සේ අද තමයි හැමෝම ආපහු යුනිවර්සිටි යන්නේ...

ටේහ්යුං එද්දී ජන්කුක් උන්නේ වොශ්රූම් එකේ නිසා ටේහ්යුං දුවගෙන ගිහින් ඇදට පැනලා ඇද බදාගෙන තනියම හිනා උනා... ජන්කුක් ගහන ප'ෆියුම් සුවද ඇදෙත් තියෙනවා ටේහ්යුං තදින් උඩට හුස්ම ඇද්දේ ඒ සුවද හොදටම දැනෙන්නයි... ජන්කුක්ගේ කොට්ටේ බදාගෙන ටේහ්යුං ආපහු වතාවක් තනියම හිනා උනා... ඇදේ වට දෙක තුනක්ම පෙරලුන ටේහ්යුං කෙලින් වෙලා ඇදේ ඉද ගත්තා... තාමත් ජන්කුක් වොශ්රූම් එකෙන් ඇවිත් නෑ... ඇදෙන් බැහැලා කාමරේ වටයක් දෙකක් කැරකුන ටේහ්යුංගේ ඇස් නතර උනේ බෙඩ් ටේබල් එක උඩ තියෙන පොත දැකලා...

ඒක වෙන මොකක්වත් නෙවෙයි ජන්ගුක්ගේ ඩයරි එක... ලොක් එකත් ඇරලා තිබ්බේ ඊයේ ජන්කුක් රෑ ඒක කියෝලා එහෙම්මම නින්ද ගියපු නිසයි... වාසනාවට හෝ අවාසනාවට ටේහ්යුං ඒක අතට ගත්තා... පලවෙනි පිටුවෙන්ම ඒක ගුක්ගේ කියලා තේරුන ටේහ්යුං වටපිට බලලා එයාගේ බෑග් එකට දාගත්තේ හොරෙන් කියවලා ආපහු ගෙනත් තියනවා කියලා හිතාගෙන... බෑග් එකට දාගෙන හොරෙක් වගේ බෑග් එකත් තුරුල් කරගෙන තනියම හිනාවෙන ටේහ්යුංව වොශ්රූම් එකේ ඉදන් කොණ්ඩේ ගස ගස ආව ජන්කුක්ට පෙනුනේ මන්ද මානසිකයෙක් වගේමයි... එයා එහෙම්මම නැවතිලා ටේහ්යුං දිහා කටත් ඇද කරන් බලාගෙන උන්නා...

"ටේ ඔයා මොකද තනියම හිනාවෙන්නේ?" අවසානයේ ජන්කුක් ඇහුවාම හොර හිතින් උන්න ටේහ්යුං ගැස්සුනා... ගැස්සිලා හෙමීට ජන්කුක් දිහා බැලුවා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now