චෙන්ට ඇද කරපු ශාන් යන්න පිටත් වුනා... ඒත් එක පාරටම එයාගෙ ඇස ගැටුන දේත් එක්ක එයා උන් තැනම නැවතුනා... ශාන්ගේ හදවත එකසිය ගානට ගැහෙන්න ගත්‍තා විතරක්ම නෙවෙයි කම්බුල දිගේ එයාටත් නොදැනි උනු කදුලු කැට වැටෙන්න ගත්තා... ශාන්ට දැනුනේ එයාගේ මුලු ලෝකෙම අලු වෙලා ගිනි ගන්නව වගේ හැගීමක්...
ශාන් දැක්කේ හෝටලයේ ඉහල මාලයේ කාමර පවතින කොටසේ සිට පහලට එන කපල් එකක්... කෙල්ල නම් ආවේ ඇගෙන් බාගයක්ම එලියෙ දාගෙන කොල්ලගේ ඇගේ එල්ලීගෙන..
කොල්ලා හිටියේ සම්පූර්ණයෙන්ම කලු පාටින් අදගෙන මූන වහෙන්න කලු පාට මාස්ක් එකකුත් දාගෙන... කිසිම කෙනෙක්ට ඒ කෙනාව අදුරගන්න බැහැ ඒ විදිහට....හැබැයි ඒ කවුද කියලා අදුරගන්න ශාන්ට ගියේ තප්පරයයි...
ඔව්.... ඒ ආපු කෙනා යීබෝ.... ශාන්ව දවසකට කලින් දෙපාරක්ම කිස් කරපු යීබෝ.... ශානුයි යීබෝයි අතර කිසිම සම්බන්දයක් නැති බව දැනන් හිටියත් ශාන්ට ඒ දුක දරාගන්න බැරි වුනා... යීබෝ දකින්න කලින් ශාන් ඉක්මනට එතනින් දුවලා හිහින් බිත්තියකට හේත්තු වුනේ එයාගෙ ගැහෙන හදවත් අත තියලා නවත්තන්න උත්සහ කරමින්
පසු දින wang industries හීදී
යීබෝ කාර්‍යාලයට පැමිණිමත් සමගම ශාන් good mornimg කියලා පිලිගත්තත් එතනින් එහාට යීබෝ එක්ක කිසිම වෙලාවක ශාන් කතා කලේවත් මූන බැලුවෙවත් නැහැ... යීබෝ කතා කරන්න උත්සහ කලත් ශාන් කලේ කොහොම හරි මග ඇරලා යන එකයි. ශාන්ට කොහොමටත් අද ගොඩක් බිසී දවසක්. W industries චීනයේ අති විශාල ප්‍රොජෙක්ට් එකක හවුල්කාරයෙක් වෙච්ච එකේ පාර්ටි එක තියෙන්නේ අද.... ඒ නිසා යීබෝව මග ඇරලා ඉන්න ඒක ශාන්ට හොද හේතුවක් වුනා..
ශාන් උදේ ඉදන් එයාව මගාරිනවා කියලා යීබෝට උදේ ඉදන්ම හොදටම තේරිලයි තිබුනේ. මොකද එයා එක්ක හිනා නොවුනට කතා නෙකෙරුවට ඔෆිස් එකේ අනිත් හැමෝ එක්කම සිරික්කිය දාගෙන කතා කර කර ඉන්න ශාන්ව යීබෝ කැමරාස් වලින් බලාගෙනයි හිටියේ
උත්සවය පවත්වන හෝටලය
හරියටම හවස 6 වෙද්දි යීබෝ පාර්ටි එල්ක පැවත්වෙන හෝල් එකට ඇතුල් වුනා... ඒ වෙද්දිත් බොහෝ පිරිසක් හෝල් එකේ ඔබ මොබ ඇවිදිමින් සතුටු සාමිච්චියේ යෙදෙමින් හිටියා... යීබෝගේ ඇස් නම් හෙව්වේ ශාන්ව.... හෝල් එකේ පැත්තකින් තිබ්බ බාර් සෙක්ශන් එකේ ග්ලාස් එකකුත් අතේ තියාගෙන තවත් කෙනෙක් එක්ක හිනා වෙවී කතා කර කර ඉන්න ශාන්ව යීබෝගේ ඇස ගැටුනා...
YOU ARE READING
Hot Blue Love (Yizhan)
Fanfiction(Completed) රාගයත් ආදරයත් අතර සිරවූ දෙදෙනකුගේ කතාවක්🔞