19 කොටස

3.8K 397 22
                                    

යීබෝ කෙලින්ම කාර් එක අරගෙන ආවේ එයාගෙ අපාට්මන්ට් එකට... තරහ නිසා යීබෝ ඩ්‍රයිව් කලේ පිස්සෙක් ගානට..... ගමන පුරාවටම ශාන් හිටියේ බිම බලාගෙන.. දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නැහැ...

අපාට්මන්ට් එකේ දොර ඇරපු යීබෝ ශාන්ව ඇදලා අරන් විසිත්ත කාමරයට තල්ලු කලා... ශාන් විසික් වෙලා ගිය පාර නොවැටි බේරුනේ ගොඩක් අමාරුවෙන්... ඒ වෙලාවෙදි ශාන් දවස් ගානක් තිස්සේ හන්ගගෙන ඉදපු එයාගේ හඩ අවදි කලා...

"යීබෝ... ඔයා මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ... මොකක්ද වෙලා තියෙන්නේ..."

"හහ්... මොකද්ද වෙලා තියෙන්නෙ කියලා මගෙන්ද අහන්නෙ... තමුසෙට මොකද්ද වෙලා තියෙන්නෙ... එක එකා එක්ක තැන් තැන් වල ඇවිදින්නේ... අහ් අරූ එක්ක මොකද්ද කරන්න ගියේ...කියනවා...."

"එක එකා එක්ක ගියේ කවුද යීබෝ... පව් සිද්ද වෙන කතා කියන්න එපා.. මන් ආවනම් ආවේ ඔයා එක්ක විතරයි යීබෝ.... කිම් එක්ක මම ගියේ ඩිනර් එකකට...එච්චරයි...."

"ආ.... එතකොට කිම් කියන්නේ කවුද...... තමුසෙ මට හැමදේම හැංගුවා ශාන්... කිම් තමුන්ගෙ exboyfriend කියලා මගෙන් හැංගුවා... හිතුවද මට ඒක හොයාගන්න බැහැ කියල... තමුසෙ කියන හැමදේම මෝඩයෙක් වගේ මම විශ්වාස කරයි කියලා හිතුවද....."

"කිම් මගේ කවුරු උනත් ඔයාට මොකටද යීබෝ... මන් ඔයාගේ කවුද.... ඔයාගේ බූදලයක්ද... මහ ලොකුවට කිව්වේ මන් ඔයාගේ කියලා.... මොන අයිතියක්ද යීබෝ.... ඔයාගෙ අවශ්‍යතා ඉශ්ට කරන කෙනෙක් විතරයි මම....." ශාන් කියද්දි එයාගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා

"මන් තමුසෙට හැමදාම කිව්වා කම්පැනි එකේ ප්‍රශ්න විසදගන්නකන් මා එක්ක ඉන්න කියලා.. ඒත් තමුන් කිම් කියන එකා එක්ක ඩේට් එකකටත් ගියා.... ඇයි තමුසෙට දැන් මාව එපා වෙලාද... කියනවා ශාන්..."

"ඒක එපා වෙන නොවෙන එකේ ප්‍රශ්නයක් නෙවෙයි.. මාත් කොල්ලෙක්... මට ආදරේ ඕන... ඔයා කවදාවත් මට ආදරේ කලේ නැහැ කරන එකකුත් නැහැ...."

"ආදරේ.... ආදරේ කියන්නේ මොකද්ද ශාන්... ඔයාට ඕනි ආදරේ මගෙන ලැබුනෙ නැද්ද ශාන්... අපි හම්බවුන දවසෙ ඉදන් මේ වෙනකන් දවසෙන් වැඩිම කාලයක් තමුන් හිටියේ මා ගාව නේද... නිදාගන්න ටිකට විතරයි අපි වෙන් වුනේ... ඒකත් කී දවසක් මහ රෑ මැද්දෙ තමුසෙ බලන්න මම ආවද... නින්ද යනකන් මුලු රෑම තමුන් එක්ක කතා කර කර හිටියෙ නැද්ද මම....  තමුසෙට එක දවසක්වත් තනියම ගෙදර යන්න එන්න දුන්නද මම... තමුන් ආසයි කියලා හිතෙන ඕනම දෙයක් ලගට ගෙනත් දුන්නේ නැද්ද මම..... තමුසෙ වෙනුවෙන් මොනවද මම නොකලේ... නොකල එකම දේ තමුසෙට කටින් ආදරෙයි නොකියපු එක විතරයි.... ඒ වචනේ කියපු නැති නිසාද එතකොට වෙන මිනිහෙක් ගාවට ගියේ..."

Hot Blue Love (Yizhan)Where stories live. Discover now