බිස්නස් ටුවර් එකෙන් පස්සේ සතියක කාලයක් ගෙවිලා ගියේ සාමාන්‍ය විදිහට... වෙනදා වගේම වැඩ ඉවර වෙලා යීබෝ එක්ක ගෙදරට ආපු ශාන්, රාත්‍රී ආහාරත් අරගෙන වෙනදා වගේම නින්දට ගියත් මද්‍යම රාත්‍රීය ලන් වෙන විට ආපු කෝල් එකක් නිසා නින්දෙන් අවදි වුනා...
මේ වෙලාවේ කෝල් කරන එක ගැන හිතින් බැන බැන ශාන් කෝල් එක ආන්සර් කලා...
"හෙලෝ... කවුද..."
"කවුද කියල අහන්නේ.... තාම හීනෙන්ද කතා කරන්නේ.... පහලට එනවා දැන්ම...."
"යීබෝ.... are you mad...මේ වෙලාවේ මොන රෙද්දකටද එන්න කියන්නේ...."
"කට වහන් කිව්වම එනවා... විනඩි දෙකක් දෙන්නම්..."
ඇදන් හිටපු පිජාමා කිට් එක පිටින්ම පහලට ගිය ශාන් ගේට්ටුවත් ඇරගෙන යීබෝගේ කාර් එක දෙසට ගියා....
නමුත් දැකපු දේ ශාන්ට අදහගන්න බැරි වුනා... යීබෝ හිටියේ කාර් එකට හේත්තු වෙලා අතේ ඉටිපන්දම් ගහපු කේක් එකකුත් අතේ තියාගෙන....
"Happy birthday to you......
Happy birthday to you......
Happy birthday my baby......
Happy birthday to you....."යීබෝ සින්දුව කියන අතර කේක් එක ලගට ලන් වුනු ශාන් ඉටිපන්දම් ටික නිව්වා.... ශාන්ගේ හිත සතුටින් ඉපිලෙන්න ගත්තේ ශාන් හීනෙකින්වත් හිතපු නැති වෙලාවක යීබෝ කරපු සප්‍රයිස් එක නිසා....
"බෝ ඔයා කොහොමද දන්නේ මගේ birthday එක....."
"ශාන් ඔයා වැඩ කරන්නෙ මගේ ඔෆිස් එකේ... ඉතින් ඔයාගේ birthday එක මට හොයාගන්න බැරිද.."
"රෑ දොලහට ඔයා මාව සප්‍රයිස් කරන්න ආවා කියලා මට විශ්වාස කරන්නත් බැහැ යීබෝ...."
"ඔයාට සතුටුයිද බබී...." ශාන් ඔව් කියලා අගවන්න ඔලුවා වැනුවා..
කේක් එකේ අයිසින් එක ඇගිල්ලට ගත්ත ශාන් ඒ ටික එයාගේ ලිප් එකේ ගාගෙන කේක් එක යීබෝගේ අතින් අරන් කාර් එක උඩින් තියලා යීබෝගේ දෙතොල් වලට බර වුනා... ශාන්ගේ දෙතොල් එයාගෙ දෙතොල් වලට මැදි කරගත් යීබෝ අයිසින් සියල්ල එයාගේ මුව තුලට ගත්තා...
සිප ගැනීම විනාඩි කීපයක්ම පැවතුනා... සිප ගැනීම අවසානයේ යීබෝ රත්තරන් වලින් සාදන ලද බ්‍රේස්ලට් එකක් ශාන්ගේ අතේ පැලදුවා....
YOU ARE READING
Hot Blue Love (Yizhan)
Fanfiction(Completed) රාගයත් ආදරයත් අතර සිරවූ දෙදෙනකුගේ කතාවක්🔞