"Sorry.... මට ආපහු මගේ හිතේ ඔයාට ඉඩක් වෙන් කරන්න බැහැ කිම්..."
"ඒ කියන්නේ...... ඔයාගේ හිත දැනටමත් කාට හරි අයිතිද ශාන්....."
"........" ශාන් නිහඩවම හිටියා
"ඒ කෙනා යීබෝද..." කිම් අහපු දේ නිසා ශාන්ගේ ඇස් ලොකු වුනේ නොදැනුවත්වමයි...
"ඔයා මොනාද කියන්නෙ කිම්... ඇයි එහෙම අහන්නේ....කොහෙත්ම නැහැ..." ශාන්ගේ ඉහෙන් කටින් දාඩිය දාන්න ගත්තේ කිම් හදිසියේම එහෙම අහපු නිසා
"ආහ්... එහෙම මුකුත් නිසා ඇහුවා නෙවෙයි... ඔයා එයා එක්ක ඉද්දි වෙනස් ඒකයි ඇහුවේ..... ඒ ගැන වැඩිය හිතන්න එපා...."
"හ්ම්ම්ම්....."
"ශාන් මන් දන්නවා එක පාරටම ඔයාට මා ලගට ආපහු එන්න බැහැ කියලා.... අපි හිමීට පටන් ගමු... මම බල කරන්නැහැ... ටික ටික ආපහු ලන් වෙමු... ඒකට ටික කාලයක් යයි.. අපි කාලයට ඉඩ දීලා බලමු... මන් වෙනස් වෙලා කියලා ඔයාට ඔප්පු කරලා පෙන්නනම්... හාද..."
"බලමු කිම්... වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා... මන් ඔයාව හේට් කරන්නැහැ.... ඒ නිසා අපි බලමු...."
"Thank you zhan.... මම හෙට ඉදන් ප්රොජෙක්ට් එකේ වැඩ වලට ඔයාලගෙ කම්පැනි එකට එනවා.... අපිට එකට වැඩ කරන්න පුලුවන් එතකොට......"
"ම්ම්ම්.... හරි .... එහෙනම් අපි යමුද පාර්ටි එකට..." ශාන් ඇහුවේ ඉකමනට කිම්ව මග ඇරලා යන්න ඕන නිසා..
...........................................................
පසුදා wang industries
යීබෝ එනකොට ශාන් එයාගෙ ශීට් එකට වෙලා ලොකූ කල්පන්නාවක හිටියේ....
"ශාන්.... ඊයේ පාර්ටි එක ගොඩක් නැගලා යන්නැති නේද... කෝල් එකක්වත් ආන්සර් කරන්න බැරි තරමටම.." ශාන් ගැස්සිලා පියවි සිහියට ආවේ යීබෝගේ කෑ ගැහිල්ලට
"යීබෝ.... මොකද කෑ ගහන්නේ... එලියටත් ඇහෙයි..." ශාන් පුටුවෙන් නැගිටලා එන ගමන් කිව්වා
"කෑ ගහන්න නෙවෙයි තමුසෙට මැරෙන්න ගහන්න හිතෙන්නේ.... අද උදේවත් මට අඩුම තරමේ... අඩුම තරමේ එක මැසේජ් එකක්වත් දැම්මද...."
"අනේ සොරී... මට අද නින්ද ගියා.... එන්න පරක්කු වෙන නිසා ඉක්මනට ලෑස්ති වුනා මිසක් මැසේජ් දාන්න බැරි වුනා... ගනන් ගන්න එපා ඉතින්..." යීබෝ ලගට ඇවිත් යීබෝගේ ශර්ට් එකේ කොනෙන් අදින ගමන් හුරතල් මූනක් හදාගත්ත ශාන් කිව්වා
YOU ARE READING
Hot Blue Love (Yizhan)
Fanfiction(Completed) රාගයත් ආදරයත් අතර සිරවූ දෙදෙනකුගේ කතාවක්🔞